මෙරට කෝව්ඩ් අවධානම යළි ඉහළට

covid infections today

මෙරට කොවිඩ් නයින්ටින් වෛරස් ආසාදිතයන් ගණන 3104ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (03) දිනයේදී තවත් ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2889කි.

ආසාදිතයින් 203 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ කොවිඩ් අවධානම ශ්‍රී ලංකාවෙන් පහව ගොස් නොමැති බවත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවත්ය.

 

 

Related posts

Leave a Comment