මෙරට විදුලිය නොමැති නිවාස එක්ලක්ෂ තිස්හත්දාහක්

මෙරට විදුලිය නොමැති නිවාස එක් ලක්ෂ තිස්හත්දහස් දෙසිය විසි පහක් පවතින බවට හඳුනාගෙන ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී  පැවැති මාධ්‍ය හමුවකදීය.

එලෙස විදුලිය නැති නිවාස අතරින් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් පනස්දහස් තුන්සිය තිස්හතරක් වන බවත් සමෘද්ධි ප්‍රතිලාභීන් බවට සුදුසුකම් ලබා, එහෙත් වෙනත් අඩුපාඩුකම් හේතුවෙන් එම ව්‍යාපාරයට එකතු වීමට නොහැකිව පොරොත්තු ලේඛනගත වූ පවුල් විසිහය දහස් හාරසිය අසූ තුනක් තිබෙන බවත් හෙතෙම කීවේය.

Related posts