මෙවර පාර්ලීමේන්තු බලය එ.ජා.පය ලබා ගන්නා බව රවි පවසයි

අභියෝග පවතින තරමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වන බවත් වර්ථමානයේද එල්ලව ඇති අභියෝග හමුවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව මෙවර පාර්ලීමේන්තු බලය ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරන කේ. කේ. පියදාස මහතාගේ හා එස්. කේෂවමුර්ති මහතාගේ ජයග්‍රහානය සදහ හැටන් හෙල දිව හිදි පැවති පාක්ෂික හමුවකදි රවි කරුණානායක මහතා මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කතා කල රවි කරුණානායක මහතා.

පියදාස මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැඩි කැපවිමක් කල අයෙක් එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ සියලුම ජාතින් ආගම් එකට එක් කරන පක්ෂයක් සුද්ධන්ටෙගන් රට බේරාගත් දින සිටම මේ රටේ සියලුම ජාතින් එක් කරගෙන රට සංවර්ධනය කරා  ගෙන ගියේ එක්සත් ජාතික පක්ෂයයි.

යම් අය හිතනවා එක්සත් ජාතික පක්ෂයට ඇවිත් අලියා ලකුණින් සිට වෙනත් දේ කරන්න පුලුවන් කියලා එත් එය හරියන්නේ නැහැ අද බඩු මිල දැඩි ලෙස ඉහල ගිහින් ජිවන වියදම වැඩි වෙලා ආර්ථිකය කඩා වැටිලා අපි විපක්ෂයට ගිහින් මාස අටයි මෙම කාලය තුලදි බඩු මිල කොයි තරම් ඉහල ගිහින්ද සිනි 155යි, කහාකුඩු 3500/=යි එමෙන්ම ආර්ථිකය කොයි තරම් කඩා වැටිලාද මෙම තත්වයන් මත එක්සත් ජාතික පක්ෂයේ ජය ස්ථිරයි.

අද සමහර අය කියනවා බලයට පත් වුනොත් එක පවුලකට රුපියල් 20,000/= බැගින් දෙනවා කියලා අප රටේ පවුල් ලක්ෂ හැට දෙකක් පමන ඉන්නවා එහෙමනම් මෙහෙම මුදල් දෙන්න මසකට බිලියන කියක් අවශ්‍යද මේ වගේ කතා කියන්නේ අංක ගනිතය නොදන්න අයයි.

අපෙත් වැරදි තිබුනා එම වැරදි නිවරදි කරගෙන අලුත් එක්සත් ජාතික පක්ෂයක් ලෙසයි එන්නේ අපි බලයට පත් විමෙන් පසු වතු කම්කරුවන්ට රුපියල් 1000/= වැටුප ලබා දෙනවා අපි බොරුවට කියන්නේ නැහැ එක්දාහාස් පන්සියයක් දෙන්නම් කියලා මොකද එක්සත් ජාතික පක්ෂය බොරු කියලා ජනතාව රවටන්න සුදානම් නැහැ.

අපිට කවුරු බාධා කලත් අභියෝග කලත් මේ එක්සත් ජාතික පක්ෂය සැලෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය අභියෝගවලට බයත් නැහැ එක්සත් ජාතික පක්ෂය කියන්නේ අභියෝග මැදින් ජය ගත් පක්ෂයක් එම තත්වයන් මත මෙවරද අපිට මොන බාධා ආවත් මොන අභියෝග ආවත් එම බාධා, අභියෝග මැදින් ඉදිරියට ගොස් මෙවර පාර්ලීමේන්තු බලය එක්සත් ජාතික පක්ෂ ජය ගන්නවා එය ස්ථිරයි.

මෙම රැස්විමට පෙර රවි කරුණානායක මහතා පියදාස මහතා සමග හැටන් සිරි කුරුස දේවස්ථානයට ගොස්  එහි ප්‍රධාන පුජක නියුමන් පිරිස් මහතාගෙන් ආසිර්වාද ලබා ගැනිමද සිදු කල අතර එම අවස්ථාවට පුජ්‍ය තිනියගල පාලිත හිමියන්ද එක් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts