යතුරු පැදි දෙකක් ගැටෙයි – අයෙකු මරුට

කටුවන පොලිස් වසමේ සියාරපිටිය අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි.

ඊයේ(26) රාත්‍රී 9 ට පමණ මෙම අනතුරු සිදුව ඇති බව කටුවන පොලීසිය පවසයි.අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ 20 වියේ පසු වූ කටුවන කොහොම්පෝරුවේ පදිංචිව සිටි කේ.ජී. රුවන් පතිරණ යන අයෙකි.

සිරුර මේ වන විට ඇඹිලිපිටිය දිස්ත්‍රික් මූලික රෝහලේ තැන්පත් කොට තිබේ.අනතුරෙන් තුවාල ලබා ඇත්තේ කටුවන මීමන ‌කොළදෙනිය පදිංචිව සිටින පසිදු පළිහ වඩන යන අයෙකි.

අනතුරු සම්බන්ධයෙන් කටුවන පොලීසියේ රථවාහන අංශය විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.

චන්ද්‍රසේන ගමගේ

Related posts

Leave a Comment