යල කන්නයේ අග්‍රස්ථ කොටස දකුණු දළදා වහන්සේට

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන විසින් පසුගිය යල කන්නයේ නෙලා ගත් අස්වැන්නේ අග්‍රස්ථ කොටස පොලොන්නරුව ඓතිහාසික සෝමාවති පුද බිමේ දකුණු දළදා වහන්සේට පූජා කිරීමේ කිරි ආහාර පූජාවක්  ඓතිහාසික සෝමාවතී පුද බිමේ දී සිදු කෙරිණ.

ඓතිහාසික සෝමාවති විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත සිදු කෙරුණු මෙම පුණ්‍ය කර්මයට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි ගෙවිලියන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති අරුණකිරීති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කර තිබුණි.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts