රක්ෂිතයෙන් වල්ලපට්ටා කැපු පුද්ගලයෙක් අත්අඩංගුවට

බුලත්සිංහල – දෙල්මෑල්ල සංවේදි රක්ෂිත කලාපයෙන් කැපු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා වල්ලපට්ටා රෙසින කිලෝ 35 ක් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයෙක් පසුගියදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 21 දින දක්වා රිමාණ්ඩ් ගතකරන ලෙස මතුගම මහේස්ත්‍රාත් ධම්මික උඩුවෙ විදාන මහතා පසුගියදා නියෝග කළේය.

රත්නපුර – කලවාන ප්‍රදේශයේ පදිංචි සැකකරු තවත් දෙදෙනෙක් සමග දෙල්මෑල්ල සංවේදි රක්ෂිත කලාපයට ඇතුල්වි වල්ලපට්ටා කපා ඇතැයි ඉංගිරිය අඩවි වන නිළධාරින් කියති. ඉංගිරිය අඩවි වන නිලධාරි ලක්ෂ්මන් රත්නවිර මහතාගේ මෙහෙයවිමෙන් වන සංරක්ෂණ නිළධාරින් පැය අටක් තිස්සේ කැලය තුල සිදුකල මෙහෙයුකින් පසු සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු පලාගොස් ඇතැයි අඩවි වන නිළධාරින් කියති.

ජංගම දුරකථන සහිත ඔත්තුකරුවන් යොදා සිදුකල මෙම ජාවරම වටලා කැපු වල්ලපටිටා රෙසින කොටස් සමග පොරවක්, ඇතුලු ආයුධ, ජංගම දුරකතනයක් ද අත් අඩංගුවට ගෙන ඇත.පැනගිය සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බව අඩවි වන නිළධාරින් කියති.

ඉංගිරිය අඩවි වනනිළධාරි ලක්ෂ්මන් රත්නවීර මහතාගේ මෙහෙයවීමෙන් අතිරේක අඩවි වන නිළධාරි ජනක ප්‍රබෝධ,බිට්ටු වන නිළධාරින් වන ඊ.ඩබ්ලිව්. සරත් කුමාර , සම්පත් ගුණසේකර , වන ක්ෂේත්‍ර සහකාර වරුන් වන එල්.එන්.එස්. සමීර,ඒ.ඩී. ආර්. අබේසිංහ සහ රියදුරු මනප්‍රිය ඇතුළු නිළධාරින් වැටලිමට සහභාගිවිය.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Related posts