රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී සිදු කෙරිණි.

ප්‍රේමදාස මහතාගේ පුත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පවුලේ සමාජිකයින් මෙන්ම දේශපාලඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි.

1993 වසරේ කම්කරු දින පෙළපාලිය අතරතුර කොළඹ ආමර් විදියේදී LTTE සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අනපේක්ෂිත ලෙස දැයෙන් සමුගත් රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට ජන හදවත් තුළ සදා අමරණීය නායකයෙකි.

Please follow and like us:

Related posts