රත්තරං බැරල් සොයා වැඩ වරදී

ත්‍රීකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි කෝවිලක් පිටුපස එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් වලදැමු බවට සැකකරනා රත්තරං බැරල් හයක් සොයමින් සිටියදි අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෙකු නිරෝධායනය වන බව ලිඛිතව දන්වමින් ආයතනය නොමග යැවීමට තැත්කිරීම සම්බන්ධයෙන් එම ආයතනය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රියදුරෙකු වශයෙන් සේවය කරන සේවකයා පසුගිය (3දා)උප්පුවේලි පොලිස් වසමේදි ත්‍රස්ත්‍රයන් වලදැමූ බව කියන රත්තරං සහිත බැරල් හයක් ගොඩගැනීම සදහා තවත් පිරිසක් සමග හින්දු කෝවිලක් පිටුපස කැනීමක් සිදුකරමින් සිටියදි උප්පුවේලි පොලිසියේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්ව තිබුණි.

අත්අඩංගුවට පත්වු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනා අතර සැකකාර රියදුරා විසින් තමන් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්මත නිරෝධායනය වන බව කියමින් ආයතනයට ව්‍යාජ ටෙලිමේල් පණිවිඩයක් එවා ඇති බව නිලධාරින් අනාවරණය කරගැනිමෙන් පසුව පරික්ෂණයක් අරඹා තිබේ.

දින දාහතරක කාලයක් ඉක්මවා ගියත් ස්යං නිරෝධායනය අවසන්වි සේවකයා නැවත සේවයට නොපැමිණිම නිසා ආයතනයේ අභ්‍යන්තර විගණන ඒකකය මගින් පරික්ෂණයක් අරඹා තිබු අතර (20දා) නිලධාරියෙකු පරික්ෂණ සදහා නිවසට යවා තිබේ.

දැනට බන්ධනාගාර ගතකර සිටින සේවකයාට පක්ෂපාතිව කටයුතු කරනා නිලධාරියෙකු ඔහුගේ නිවස වසා ඇති බවත් නිවස අභ්‍යන්තරයේ කිසියම් පිරිසක් කථා බස් කරනු ඇසුනු බවත් ඔවුන් තවමත් ස්වයං නිරෝධායනය වන බවට සැකකල හැකි බවත් ඔහු ආයතනයට දන්වා තිබේ.

එහෙත් කිසිදු දැන්වීමක් සෞඛ්‍ය අංශ නිවසේ අලවා නැති බව පරික්ෂණය සදහා ගිය නිලධාරියා ආයතනයට දන්වා තිබෙනා අතර ආයතනයේ පරිපාලන නිලධාරිවරයා විසින් ඔහු පදිංචිව සිටින කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගෙන් සිය සේවකයා නිරෝධායනය වන්නේද යන්න සම්බන්ධයෙන් වාර්ථාවක් ඉල්ලා තිබෙනා බව ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේය.

නිදන් සෙවිමේ අරමුණින් පොලව කැනීම් සිදුකළ බවට චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රියදුරෙකු වන එස්.එම් ජගත් චන්දන යන අයයි.ඔහු බී අංක 376/01/එම්අයිඑෆ්/2021යන නඩුවේ සැකකරුවෙකු බව උප්පුවේලි පොලිසිය තහවුරු කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts