රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩේ පිහිටි  පැරණි පොල භූමියේ අලුත්වැඩියා සඳහා භූමිය සැකසිමේ කටයුතු සිදුකිරීමේදී එහි සේවකයින් දෙදෙනකුට වලදමා තිබූ ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.
 මෙම  පොල භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා බාරදී ඇති කොන්ත්‍රාත් සමාගමේ  සේවකයින් කැනීම් කටයුතු සිදුකරන අතරතුර සේවකයින් දෙදෙනාගේ උදලු වල දැවටී ජීව අත්බෝම්බය හමූවීමත් සමග ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉංජිනේරුවරයා වෙත දන්වා අනතුරුව  වහාම ගල්කිස්ස පොලිසිය වෙත  දැනුම්දීමට අනුව පොලිස් නිලධාරීන් පැමිණ  පරීක්‍ෂණ ආරම්භ කර  වහාම විශේෂ කාර්ය බළකාය බෝම්බ  නිෂ්ක්‍රීය  අංශය කැදවු බව පොලිසිය පැවසීය.
සිදුකල විමර්ශණ  වලට අනුව මෙම  බෝම්බය  පසුගිය කාලයේ ප්‍රදේශයේ  සිදුවූ පාතාල ක්‍රියා කාරකම් සදහා භාවිත කිරීමට ගෙනවිත් අතහැර දැමූවක්ද යන්න ගැනත් විමර්ශන  කටයුතු සිදුකරන බව පොලීසිය පැවසීය.
 වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ගල්කිස්ස මූලස්ථාන පුධාන පොලිස් පරීක්ෂක දිලීප සී  පෙරේරා. අපරාධ විමර්ශන අංශය  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන්. පොලිස් සැරයන් 1874 පලිහක්කාර 51777  රංජිත් ඇතුලු බෝම්බ  නිෂ්ක්‍රීය අංශය මගින්   සිදුකරගෙන යනු ලබයි.
මෙම  බෝම්බය අගුලාන  පාලු ප්‍රදේශයකදී එදින සවස පුපුරවා  හැරීමට කටයුතු  කරනු ලැබින.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts

Leave a Comment