රඹුටන් ඇටයක් සිර වී බිළිඳෙක් මරුට

කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ දී මාස 11ක් වයසැති කුඩා දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීමෙන් ඊයේ (02) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

බිළිඳා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහි දී මියගොස් තිබුණි.

රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් දරුවාගේ ඥාතීන් රෝහල් සේවකයින්ට සහ එහි දේපළවලට පහර දී තිබේ.

රෝහලේ කාර්යය මණ්ඩලයට සහ දේපළවලට සිදුකළ පහරදීමට එරෙහිව එහි කාර්යය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රෝහලට රැගෙන එන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් බලධාරීන් පවසයි.

 

Related posts