රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට

මහනුවර – කුරුණෑගල  මාර්ගයේ ගලගෙදර මඩවල වංගුව අසලදී  සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට පත්ව ඇත.

බරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් පැවති සාදික්කා පැටවූ ලොරි රථයක්  පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන්  පැමිණි කාර් රථයක ගැටී අනතුරුව එය තවත් කාර් රථයක් මතට  පෙරළී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයන් පස්දෙනෙකු සහ ලොරි රථ රියදුරු පේරාදෙණිය ශික්ෂණ රෝහලට සහ ගලගෙදර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

23 දින රාත්‍රී 09.30ට පමණ සිදුවූ මෙම අනතුරින්  ලොරි රථයට යට වුණු කාර් රථයේ සිටි  තිස්හය හැවිරිදි පියා සහ අවුරුදු දෙකක් වයසැති දියණිය   මරණයට පත්ව ඇත. මරණයට පත් වූවන් ගලහ නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. අනතුරින් එම රථයේ වූ මව හා තවත් දරුවෙකු ද තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලගෙදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නදීක දයා බණ්ඩාර  – මහනුවර

Related posts

Leave a Comment