රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය අද අලුයම දිවයිනට රැගෙන ආවේය. එන්නත් මාත්‍රා 15,000ක් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙලෙස දිවයිනට රැගෙනු එනු ලැබුවේය.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන්නේය. ආරම්භක මාත්‍රා තොගයක් ලෙස මෙය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

Related posts