රෝගී සතුන් සුව කරන ඉසිවරයාණෝ

පශු වෛද්‍ය කනිෂ්ක මහතා වේයන්ගොඩ, දෙවලපොල ප්‍රදේශයේ ‘යුනිවර්සල් වෙට්ස්’ නමින් සතුන් වෙනුවෙන් රෝහලක් පවත්වාගෙන යන අතර එය සතුන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයකින් පවා සමන්විතය.

තම සුරතල් සතුන් මෙන්ම හදිසි අනතුරුවලට ලක්ව තුවාල ලබන සතුන් රැගෙන මෙම වෛද්‍යවරයා සොයා දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන්නෝ වෙති. ඒ අසනීප සත්වයකු දකින අය ‘අර දෙවලපොල ඩොක්ටර්’ ‍එසේක් නැතිනම් ‘ඩොක්ටර් කනිශ්ක ලගට අරං ගිහිං බලන්න’ කියා එම සතුන්ගේ හිමිකරුවන්ට පවසන නිසා විය යුතුය.

අනුරාධපුර, මොණරාගල, මහනුවර, මාතර වැනි ප්‍රදේශ වල සිට සුරතල් සතුන් රැගෙන පුද්ගලයින් වෛද්‍ය කනිෂ්ක සොයා පැමිණෙන්නේ ඔහු මෙතෙක් කර ඇති විශ්වකර්ම ක්‍රියාවන් නිසාවෙන්මය.

ඔහු මෙම සේවය සිදුකරන්නේ මිල මුදල් ගැන තැකීමෙන් නොවීමද විශේෂත්වයකි. අසරණ අයකු තම සතෙකුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන අවස්ථාවල ඔහු ඔවුන් පිටත් කර හරින්නේ ෆාමසියකින් ගත යුතු ඖෂධ සඳහා මුදල් ද ලබාදෙමිනි. මෙම රෝහලේ විකීණීමට ඇති සතුන්ගේ කෑම පැකට් කඩා බඩගින්නේ පැමිණෙන සතුනට කෑමට දෙන අවස්ථා ද එමටය.

මෙවන් වෛද්‍යවරුන් රටට සම්පතකි. ඔහුට චිරාත් කාලයක් මෙම මෙහෙවර ඉටුකරන්නට ලැබේවා යන්න අපේ පැතුමයි.

Related posts

Leave a Comment