ලක්ෂ 20 ක් වටිනා හෙරොයින් සමග සැකකාරියන් තිදෙනෙකු අත් අඩංගුවට

arrest search

හුංගම පොලීසියේ නිළධාරීන් විසින්  ගුරුපොකුණ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකින් අනතුරුව රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා හෙරොයින් බවට සැක කෙරන මත් කුඩු ග්‍රෑම් 10 ක් සමග මි.මි.9 වර්ගයේ ජීව උන්ඩ 02ක් ද මැගසින් එකක් ද සමග සැකකාරියන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මත්කුඩු අලෙවි කරනු ලබන බවට හුංගම පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබූ අතර එහිදී එක් නිවසක නානකාමරයක් තුළ සගවා තිබූ මත්කුඩු පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මත්කුඩු අළෙවි කරනු ලබන නිවැසියා පලා ගොස් තිබූ අතර ඊට අනුබල දීමේ චෝදනාව යටතේ නිවසේ කාන්තාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් කාන්තාවගෙන්  සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසුව ආසන්න  නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර එම නිවසේ තිබී ජීව උන්ඩ හා මැගසිනය අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මත් කුඩු අළෙවි කරනු ලබන බවට  චෝදනා ලැබූ සැක කරුවන් තිදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.

අත් අඩංගුවට පත් කාන්තාවන් තිදෙනා   අගුණකොළපෑල්ස්ස මහේස්ත්‍රාත් අධිකරකණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

චන්ද්‍රසේන ගමගේ

Related posts