වටවල හා ගිනිගත්හේන රථ වාහන ධාවනයට බාධා

මධ්‍යම කදුකරයේ බටහිර බැනුම් ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා ගිනිගත්හේන අතර මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට පැයක පමන කාලයක් අවහිරතා සිදුවිය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 10වන දින උදැසන 5.50ට පමන හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේදි මාර්ගයට ගසක් කඩා වැටිමෙන් රථ වාහන ධාවනය සදහා පැයක පමන කාලයකත් අවහිරතා සිදුවු බවත්ය.

පසුව එම එම ගස කපා ඉවත් කර මාර්ගය කඩිනමින් යථා තත්වයන්ට පත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මෙම ප්‍රදේශයන්ට දින කිපයක් පුරා පවතින වැසි හා සුලං තත්වයන් හේතුවෙන් මෙසේ ගස් කඩා වැටිම් සිදුවන බවත්මෙම ගස කඩා වැටිමෙන් එම ප්‍රදේශයේ විදුලි රැහැන්වලට හා දුරකථන රැහැන්වලට හානි සිදුව ඇති බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment