වන අලියෙකු ඝාතනය කරයි

වෙඩි තබා ඝාතනය ‌ කරන ලද වන අලියෙකුගේ සිරුරක් අද (11)  පෙරවරුවෙදී සූරියවැව හබරත්තවෙල දී සොයා ගත් බව අම්බලන්තොට පොලීසිය පවසයි.

මිය ගිය වන අලියාගේ සමීපයේ තිබී වෙඩි තැබීම සදහා භාවිතා කළ බවට සැක කෙරෙන උන්ඩ වල කොටස් කිහිපයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.



හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන් හා අම්බලන්තොට පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු ලබන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සදහා හම්බන්තොට මහෙස්ස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වරයා පැමිණීමට නියමිතව තිබුණි.

හම්බන්තොට දිස්තික්කයේ අවිධිමත් සංවර්ධනය නිසා මේ වන විට වන අලින් ගේ නිජ බිම් රැසක් අහිමි වී ඇති අතර අලි මිනිස් ගැටුමද උග්‍රවී තිබේ. 09 වැනි දින රාත්‍රියේදී සූරියවැව පහළ අන්දර වැව ප්‍රදේශයේදී වන අලියෙකු ගේ පහර කෑමකට ලක්ව 65 වැනි වියේ පසු වූ ගොවියෙකු මිය ගොස් තිබුණි.

චන්ද්‍රසේන ගමගේ

Related posts