වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වෙද්දි මාට්ටු වෙයි

අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු විසින් ලිපි යැවීමට වලංගු මුද්දර නොමැතිව මැතිවරණ ලිපි තොගයක් ඡන්ද දායකයින්ට බෙදාහැරිමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියටතේ ක්‍රියාත්මක මැතිවරණ පැමිණිලි විමර් ශන පොලිස් ඒකකය අනුරාධපුර ප්‍රධාන තැපල් කාර්යාලය  වටලා තිබේ.

පසුගිය දින කිහිපයේම නිලධාරින් දෙදෙනෙකු ඔවුන්ගේ හිතවතෙකු වන අපේක්ෂයෙකුගේ මැතිවරණ ප්‍රචාරක ලිපිතොගයක් නොමිලයේ බෙදා හැරිමට උත්සහ දරා ඇතත් තැපල් බෙදාහරින තැපල්කරුවන් විනය විරෝධි කටයුත්ත සිදුනොකල හැකි බව අදාල නිලධාරින්ට පවසා තිබේ.

මීට දින හතකට පමණ ඉහතදි ලිපි 2000ක් ගෙනවින් ඒවා අදාල ලිපිනයන්ට බෙදාහරින ලෙස දන්වා ඇති අතර ඔවුන්ට පහලින් සිටිනා ලිපි තෝරන නිලධාරින් ඒවා බෙදාහැරිම සදහා තැපල්කරුවන්ට බාරදි තිබේ.

තැපල්කරුවන් මුද්දර නොමැතිව ඒවා බෙදාහැරිමට නොහැකි බව නිලධාරින්ට දන්වා ඇති අතර ලිපි බෙදාහැරිම සිදුකල හොත් අනිවාර්යෙන්ම එම ලිපිවල තැපල් ගාස්තුව හා දඩ මුදල් ලබාගන්නා බවට තැපල්කරුවන් උසස් නිලධාරින්ට පැවසීම නිසා එම ලිපි තොගය නැවත ඔවුන් භාරයට ගැනීමට කටයුතු සිදුකර තිබේ.

තැපල්කරුවන් මුද්දර නොමැතිව එම ලිපි බෙදාහැරිම ප්‍රතික්ෂේප කිරිම නිසා නැවතත් පසුගියදා එම ලිපිතොගය බෙදාහැරිමේ කටයුත්තට යොමු කිරිමට උසස් නිලධාරින් දෙදෙනා උත්සහ කිරිම නිසා ආයතනයට ලැදි නිලධාරින් කිහිප දෙනෙකු ඒ පිළිබදව මැතිවරණ පොලිස් ඒකකයට පැමිණිලි කිරිමත් සමගම පොලිස් නිලධාරින් වහාම ප්‍රධාන තැපල් ස්ථානය වටලා එවැනි ලිපි ඇත්දැයි සොයා ඇතත් එවැනි ලිපි කිසිවක් හමුනොවුනු බව වැටලිම සිදුකල නිලධාරින් පැවසුහ.

පොලිසිය වැටලිම් සිදුකරනා බව දැනගත් වහාම අදාල නිලධාරින් දෙදෙනා ලිපිතොගය සගවා තැබිමට පියවර ගෙන තිබු අතර නැවතත් එම ලිපි මුද්දර නොමැතිව බෙදාහැරිමට උත්සහකල බව සේවකයන් පැවසුහ.අදාල දේශපාලඥයාගෙන් එක දමාගැනිම සදහා ලිපි විශාල තොගයක් නිලධාරින් දෙදෙනා රැගෙන විත් ඇති බවත් මේවනවිට එම ලිපි බෙදාහැරිමට නොහැකිවි අසරණවි ඇති බවත් ඔවුන් කීහ.

අදාල උසස් නිලධාරින්ට තැපල් තෝරන්නන් කිහිප දෙනෙකු විසින් එම ලිපි බෙදාහැරිමට යොමුකර ඇති අතර ඒවාට දිනමුද්‍රා ගසා තිබියදි සේවකයන්ට හමුවි තිබුණි.පොලිස්ථානවලට යුදහමුදා කදවුරු හා රාජ්‍ය ආයතන රැසක ප්‍රධානින්ට එම ලිපි යොමුකර තිබුබව අධීක්ෂන නිලධාරින් පිරිසක් අනාවරණය කලහ.

අකටයුත්ත සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට හා තැපල් පතිවරයාට සේවකයන් ඒ පිළිබදව ලිඛිතව පැමිණිලිකර තිබේ.අනුරාධපුර මහ දිසාපති දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නීතිඥ ආර්.එම් වන්නිනායක මහතාගෙන් දුරකථනයෙන් සිදුකල විමසිමකදි ඒ මහතා කියා සිටියේ ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් වැටලිමක් සිදුකරත් එවැනි ලිපි කිසිවක් හමුනොවු බවයි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts

Leave a Comment