වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් තරුණයකු මිය යයි

මස්කෙළිය බ්‍රවුන්සීක් වතුයායේ වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් අවුරුදු 29ක් වයැසැති ඒ. එස්. රාමයියා නැමති තරුණයකු මිය ගොස් ඇත.

මෙම ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් හමුවේ මෙම පුද්ගලයා 13වන දින වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් එම පස්වලට යටවි මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මිය ගිය අයගේ මල සිරුර පශ්චාත් මරණ පරික්ෂනය හා අධිකරන වෛද්‍ය පරික්ෂනය සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ගෙන ගොස් ඇති බවත් මෙම මර‍ණය පිලිබදව මස්කෙළිය පොලිසිය විසින්  වැඩි දුර පරික්ෂන මෙහෙයවන බවත් එම නිළධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment