ව්‍යාජ නෝට්ටු ලග තබා ගත් අයෙකු මට්ටු

රුපියල් පන්දහසේ වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටු තිස්නමයක් සන්තකයේ තබා ගත් අයෙකු උඩුදුම්බර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුදුම්බර නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වාගෙන යන තිස් නම හැවිරිදි සැකකරු සිය නිවසේ බිත්ති ලාම්පු මත සූක්ෂම අයුරින් සඟවා තිබුණු නෝට්ටු සහ ජංගම දුරකථන අටක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානය සහ ඔහුට මෙම මුදල් ලැබෙුණේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා  මේ වන විට මුදල් මාරු කර ඇත්දැයි යන්න පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත අතර තෙල්දෙණිය කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතාගේ උපදෙස් මත උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති කේ.එම්.ඩී.එන්.කාංගර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts

Leave a Comment