වැඩි වන බඩු මිලට එරෙහිව උද්ඝෝෂනයක්

වැඩි වන බඩු මිලට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයක්  හැටන් නගර මධ්‍යයේදි  පවත්වන ලදි.

එහිදි අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක මංජුල සුරවීර මහතා පවසන ලද්දේ වත්මන් රජය දිනෙන් දින බඩු මිල වැඩි කරමින් ජනතාව ප්‍රිඩාවන්ට ලක් කරන බවත්ය.

එමෙන්ම කොරෝනා හේතුවෙන් රජය මගින් ලිසින් සහන හා බැංකු පොලි සහන ලබා දෙන බව පැවසුවද එයද අද පුස්සක් බවට පත්ව ඇති බවද පවසන ලදි.

සැම දාම ජනතාව රැවටිමට ජාතික ජන බල වේගය ඉඩ නොදෙන බවත් මෙම උද්ගෝෂනය රජයට එරෙහිව කරන ප්‍රථම පියවර බවත් ඉදිරියේදිද රජය ජනතාව ප්‍රිඩාවන්ට පත් කරන්නේ නම් රජයට එරෙහිව ජනතාව පෙල ගස්වමින් රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයන් පවත්වන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment