වැල්ලවාය අනතුරින් තිදෙනෙක් මරුට

වැල්ලවාය- බුත්තල මාර්ගයේ වරුණගම ප‍්‍රදේශයේදි ලොරි රථයක් හා ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත.
අද (10)උදෑසන 9.30 ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ.

වැල්ලවාය දෙස සිට බුත්තල දෙසට ගමන් කරමින් තිබු ලොරි රථයක් හා බුත්තල සිට වැල්ලවාය දෙසට ගමන් කරමින් තිබු ත‍්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ත‍්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු ඇතුලූ 04 කු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ත‍්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.

ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ශානි

Related posts

Leave a Comment