විශ්ව විද්‍යාල අධ්‍යාපනය මගින් ලබාදෙන රක්ෂා පිළිබද ගැටළුවක්

අපේ රටේ පාසල් හා විශ්ව විද්‍යාල මගින් ලබාදෙන අධ්‍යාපනය රැකී රක්ෂා අවස්ථා පිළිබද විශාල ගැටළුවක් මතුව තිබෙනවා. යැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා පසුගිය  දා අලුත්ගම දී කීවේය.

අලුත්ගම ජාතික පාසලේ ආදිශිෂ්‍යයකු හා එම පාසලේම වසර 12 ක් පමණ ගුරුවරයෙකු ලෙස සේවය කල ළමා හා කාන්තා කටයුතු සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධයාපන යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පිළිගැනිම සදහා අලුත්ගම ජාතික පාසලේ දී පැවති උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවු අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා එහිදි මෙසේ කීවේය.

අපේ රටේ දරුවන් පාසල්අධ්‍යාපනයේ දී හොද සමර්ථයක් ලබා ගන්නා විටදීත්, විශ්ව විද්‍යාලයේ විභාග සමත්විමෙන් පසුවත් අභිමානයක් සහිත හොද වැටුපක් ලැබෙන රැකියාවක් පිළිබද බලාපොරොත්තුවක් ඇතිකර ගන්නවා.

නමුත් අවසානයේ හොද රැකියාවක් නෙමෙයි කිසිම රැකියාවක් ලැබෙන්නෙ නැතුව යනවා. එවිට පුද්ගලයින් පිළිබද පමණක් නොව සමස්ත සමාජය කෙරෙහිම ද්වේෂ සහගත සිතුවිළි , හැගිම් ඇතිවෙනවා. මේ නිසා මේ ප්‍රශ්නය විසදිමට ඉතාම කෙටි කාලයකදි ප්‍රායෝගික වැඩපිළිවලක් සකස් කළ යුතුවෙනවා.

ජීවනෝපාය සහ අධ්‍යාපනය අතර සමිප සබදතාවයක් ඇතිවිය යුතුයි. මේ රටේ තරුණ පිරිසට රැකියා සපයන ක්‍රියාවලියක් සති කිපයක් ඇතුලත ක්‍රියාවට නැංවිය යුතුව තියෙනවා. ඒ සදහා ව්‍යාපාරික ප්‍රජාවත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවත් මේ දෙගොල්ල එකතුව සාකච්ඡා කළා. ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය නිපුනතා, හැකියා මොනවාදැයි විමසා එවන් හැකියා ,දක්ෂතා ඇති පිරිසක් බිහිකිරිමට අවශ්‍ය ආකාරයේ විෂය මාලා සකස් කර ඒවා ඉගැන්වීමට කටයුතු කරනවා.

ඉතාම මෑතකාලිනව දෙමාපියන්, ගුරුවරුන්, සිසු සිසුවියන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් එකතු කරගන අපේ අධ්‍යාපන ක්‍රමය පිළිබද විවේචනාත්මක අදහස් හුවමාරුවක් කිරිමට කටයුතු කරනවා. අපේ අධ්‍යාපන ක්‍රමය සත්‍ය ලෙසම අපේ රටට ගැලපෙනවාද ? ඒවායේ යල් පැනගිය ස්වභාවයක් තිබෙනවාද? යන්න සාකච්ඡා කරනවා. අද අපේ පාසල්වල උගන්වන්නෙ හුගක් දේවල් මතක තියා ගන්නයි. කරුණු අධ්‍යයනය කර මතක තබාගන සිට ඒවා විභාගයේදි වමාරන්න ඕනා.

නමුත් ඒ දැනුම් සම්භාරය ජිවිතයට සෘජුව සම්බන්ධ වෙන්නෙ නැහැ. එඩියුකේෂන් කියන ලතින් වචනයේ තේරුම ළමයාගේ පෞර්ෂ වර්ධනය කිරිම යන්නයි. නමුත් අපි කරන්නෙ ළමයාගේ මනස විශාල පීඩනයකට පත් කිරිමයි. අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ ළමයාගේ උත්පාදන ශක්තිය ඉහල දැමිම යන්නයි. ස්වාධිනව සිතිමට, තමන් ඉගනගත්දේ ජිවිතයේ අභියෝග වලට සම්බන්ධ කර ගැනිමට අවස්ථාවක් තිබිය යුතුයි. ඒ දැනුම් සම්භාරයෙන් ජිවිතයේ ගැටළු විසදිමට අවස්ථාවක් තිබිය යුතුයි. නමුත් එවැනි දෙයක් අපේ අධ්‍යාපනයෙන් සිදුවෙන්නෙ නැහැ.

මේ නිසා අපේ රටේ අධ්‍යාපනයේ විෂය ධාරා වෙනස් කළයුතුයි. ඒක ඉසුරුපායෙන් විතරක්, පියල් නිශාන්තයි මමයි විතරක් කරන්න බලාපොරොත්තුවෙන්නෙ නැහැ.ඒ සදහා රටේ සියළු දෙනා නියෝජනය කරන පාර්ශවයන්ගේ අදහස් , යෝජනා විවෘත්තව ලබාගන ඒ අදහස්වලින් පෝෂණයවු වැඩපිළිවලක් හරහා ඒ කටයුත්ත කළ යුතුයි. අපේ පාසල් පද්ධතිය ගත්තම සම්පත් බෙදි යාමේ විශාල විෂමතාවයක් තිබෙනවා. සම්පත් තියෙන පාසල්වලට තියෙනවා. නැති පාසල්වලට නැහැ.

ලොකු ප්‍රසිද්ධ පාසල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ගම්බද පාසල්වලට ඒ තත්වය නැහැ. ඒක එසේ වෙන්නෙ ඇයි දැයි අප සොයා බැලිය යුතුයි. තමන්ගෙ දරුවාට අධ්‍යාපනය ලබාදිම වෙනුවෙන් ඕනම දෙයක් කරන්නට අද අපේ දෙමාපියන් සුදානම් වෙලා ඉන්නවා.ඒ නිසා හැකි උපරිමයෙන් සාධාරණ ලෙස සම්පත් බෙදාදිමට කටයුතු කරනවා.

සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් තුනක් ඇති කිරිමට  ජනාධිපතිතුමා විශාල උත්සාහයක් ගන්නවා.එක ජාතික පාසලක් හෝ නැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125 ක් රට පුරා තිබෙනවා. මේ තත්වය නැති කිරිමට කටයුතු කරනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ වැඩපිළිවලේ කැපිපෙනෙන ලක්ෂණය දින වකවානු ඇතිව වැඩ කිරිමයි. අපේ සැලසුම්, අඩු පාඩු පිළිබද වාර්තාවක් ලබන සතියෙ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනවා.

අලුත්ගම විද්‍යාලයේ ඉගනගන වසර 12 ක පමණ කාලයක් එම පාසලේම ගුරුවරයෙකු ලෙස කටයුතුකර මේ ආකාරයට පිළිගැනිමට ලක්වන පියල් නිශාන්ත මහතා මගේ රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්වීම මට ලොකු ශක්තියක් වෙනවා.

මේක භාර දූර කාර්යයක්. ඒ කටයුත්තට නියම සුදුස්සා ලෙස  ජනාධිපතිතුමා මෙතුමා පත් කළා. පියල් නිශාන්ත මහතා අම්මාවරුනේ, සිසු නැණ ප්‍රදිප, ඇතුළු වැඩසටහන් රැසක් සිදුකර අත්දැකිම් තිබෙන අයෙක්.

මොහු නිර්මාණශීලියෙක්, ඔහු හරි සංවේ දි පුද්ගලයෙක්, අළුත් විදිහට හිතන කෙනෙක්, ප්‍රායෝගිකව වැඩ කරන කෙනෙක්, පියල් නිශාන්ත මහතාව අද මේ ආකාරයට පිලිගත් මේ පාසලට අවශ්‍ය සම්පත් ලබාදිමට අවංක උත්සාහයක් ගන්නවා. අපව තක්සේරු කළ යුත්තේ අපේ සුන්දර වචන වලට නෙමෙයි. අපෙන් ඉටුවු සේවය අනුවයි. ඒ නිසා මේ ඉදිරි වසර පහ තුළ මේ රටේ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇතිකරනවා.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, පථමික අධයාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය – පියල් නිශාන්ත ද සිල්වා මහතා.

අපේ රටේ තිබෙන ජාතික පාසල් , පලාත් පාසල් භේධයකින් තොරව රටේ දරුවන්ට එක සමාන අධ්‍යාපන පහසුකම් ලබා දිය යුතුයි. මේ රටේ අධ්‍යාපනයට ජාතික ප්‍රතිපතතියක් ඇති කළ යුතුයි. එක ප්‍රතිපත්තියක සිට අධ්‍යාපනයේ කටයුතු කළ යුතුයි.

බෝඩ් ලෑල්ලෙන් ජාතික පාසල් වූ පාසල් රාශියක් අපේ රටේ තිබෙනවා. අලුත්ගම ජාතික පාසලත් බෝඩ් එකට සිමාවු ජාතික පාසලක් බවට පත්වෙලා තියෙනවා. ඒක සිදු වුනේ ඇයිදැයි කියන්න දන්නෙ නැහැ. ඉතාම ලස්සනට පිත්තල වලින් හැඩ ගැන්වු අකුරු සහිත නාම පුවරු තියෙන පාසල් තියෙනවා. ඒක නාම පුවරුවට විතරයි.

ගුරුවරුන් නැහැ.භෞතික සම්පත් නැහැ.නිවැරදි වැඩපිළිවලක් නැහැ.ඒ ගැන කණගාටුදායකයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස මේ රටේ අධ්‍යාපනයේ වෙනසක් නම් ඒ වෙනස අපි ඇතිකළ යුතුයි. රට පුරා සියලු පාසල් ගුණාත්මක ලෙස සංවර්ධනය කළ යුතුයි.ගුණාත්මක දරු පරපුරක් ඇතිකර ගතයුතුයි.

අලුත්ගම ජාතික පාසල ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් බිහිකල, පාසලක්, විවිධ විද්වතුන්,උගතුන් , බුද්ධිමතුන් රාශියක් මේ පාසලින් බිහි වෙලා තිබෙනවා. නමුත් මේ පාසලට සම්පත් හිගයි.

ඒ සම්පත් ලබාදිමේ වගකිම මාවෙත පැවරී තිබෙනවා. ඒ සදහා  ඇමතිතුමාත් , අමාත්‍යාංශ නිළධාරීන් සියළු දෙනාත් මට ශක්තියක් වේවි කියල මම හිතනවා.

කළුතරින් පටන් ගත්තම අම්බලන්ගොඩට යන තුරු පාසලක පිහිණුම් තටාකයක් නැහැ. නමුත් ලංකාවෙ හොදම දක්ෂතම පිහිණුම් ශූරයින් බිහිවුනේ බෙන්තර ගගේ අවදානම් සහිතව පුහුණුවෙලයි. ඒ නිසා අලුත්ගම ජාතික පාසලට පිහිණුම් තටාකයක් අවශ්‍යමයි.

එමෙන්ම රටේ අග නගරයෙන් බැහැර අනෙකුත් පාසල් දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදිම වෙනුවෙන් මා මැදිහත් වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුළ අධ්‍යාපනයට සුවිශේෂි තැනක් ලබාදි තිබෙනවා.

ඒ ස්ථානය මේ මහ පොලවේ ක්‍රියාත්මක කරිමට තියෙන්නෙ මහාචාර්ය ජී.එල්. පීරිස් අධ්‍යාපන ඇමතිතුමාටත්, රාජ්‍ය ඇමති වරුන් කණ්ඩායමට සහ අමාත්‍යාංශ නිළධාරින් සියලු දෙනාටයි. අධ්‍යාපනයේ සුවිශෙෂි වෙනසක් කිරිමට අප බලාපොරොත්තු වෙනවා.

දැනුමෙන් කුසලතාවයෙන්, ආකල්ප වලින් පිරුණු හොද දරු පරපුරක් නිර්මාණය කර දීමෙදි රජයක්,හා දේශපාලකයින් ලෙස අපට විශාල වගකිමක් ඉටුකිරිමට තිබෙනවා.

මහා සංඝ රත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරින්, විදුහලේ විදුහල්පතිනිය, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ අවසථාවට සහභාගිවිය.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න සමූහ

Related posts

Leave a Comment