වෛරසය පාලනය වුවද ව්‍යාප්ත වීම පහව ගොස් නෑ

කොවිඞ් වෛරසය පාලනය වී තිබුණ ද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඉදිරියටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන බැවින් එහි කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.

Related posts

Leave a Comment