ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි

මානව හිමිකම් බරපතලව කඩවි ඇති බව කියමින් ජත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට දැඩි චෝදනා එල්ල කළත් තිස්වසරක් තිස්සේ පැවති යුද්ධයේදී ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බව ඔවුන් විදහා දැක්වීය.

වීරෝධාර රණවිරුවන් මෙරට ජීවත් වන සියළුම ජන කොට්ඨාශ විවිධ ආගම් අදහන්නන්ගේ අයිතිය රැකීමට සටන් කරනු ලැබුවේ සිය ජීවිත පරදුවට තබමින්ය.පැවති තිස්වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මව්පියන්ට දරුවන් අහිමිව ගොස් ඇත.

දරුවන්ට සිය මව පියා අහිමිව ගොස්ය.සිය බිරිදට සැමියා අහිමිව ගොස්ය.සිංහල දමිල මුස්ලිම් බර්ගර් ඇතුළු සියළුම ජනකොට්ඨාශවල ජීවත්විමේ අයිතිය රැකීමට ඔවුන් මිලේඡච ත්‍රස්තවාදින් සමග සටන් කළත් සැබවින්ම එය මානූෂීය මෙහෙයුමකි.

රණවිරුවන් යුද අධිකරණය ඔස්සේ පෝරකයට ගෙනයෑමට දත කන ඇතැම් බටහිර මානව හිමිකම් සංවිධානයන්ට අප සොල්දාදුවන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීම නොපෙනීම පුදුම දනවන්නකි.මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ රණවිරුවෙකි.ඔහු යුද්ධයේ කුරිරු බව මැනවින් දන්නා අයෙකි.එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් එල්ල කළ දරුණු බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ දෙනෙත් යුගලයම අහිමිවි ඇත.

ඔහුගේ උල්ලංඝණයවු මානව හිමිකම දකින්නට තරම් මානූෂියවූ දෙනෙත් ඇති මානව හිමිකම් සංවිධානයන් නොමැත.කුසගින්නට කන බත් පිගානේ ඇත්තේ මොනවා දැයි ඔහු නොදනී.බීමට ගන්නා වතුර වීදුරුවේ ඇත්තේ මොනවා දැයි ඔහු නොදනී.එහෙත් රටේ සියළුම පුරවැසියන් අද සතුටින් සිටිනා බව දන්නා ඔහු ලෝකය නොදැක්කද හදවතින්ම සතුටුවේ.

යුද්ධයෙන් රණක්ෂිතයට පත්වු සිය ආදරණිය සෙබළ සොයුරාට දහවල් ආහාරයේ ඇති වෑංජන මොනවා දැයි පවසමින් ඔහුට දහවල් ආහාරය ගන්නට උපකාර කරන විශ්‍රාමික යුද හමුදා සෙබළිය කැමරා කාචයට මෙසේ සටහන්විය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts