ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රුක් රෝපණ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් ‍රැසක්  ක්‍රියාත්මක කෙරිණ.

පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිම සහ පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ පරිශ්‍රය තුළ නාපැල රෝපණය කිරීම,පොලොන්නරුව මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් සියලු දෙනා වෙනුවෙන් බෝ නොවන රෝගවලින් වලක්වා ගැනීමේ වෛද්‍ය සායනයක් පැවැත්වීම හා සවස මූලස්ථාන පොලිස් ස්ථානය තුළ බෝධිපූජා පිංකමක් ද 154වන පොලිස් දිනය නිමිත්තෙන් පැවැත් වීය.

පොලොන්නරුව ප්‍රදේශය භාර ජේශ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතාගේ හා සහකාර පොලිස් අධිකාරි 01 නිෂාන්ත රන්තනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරික්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතා ඇතුළු පොලිස් නිලධාරින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක විය.පින්තූරවල දැක්වෙන්නේ රුක් රෝපණ වැඩසටහන්වල අවස්ථා කිහිපයකි.

ඊසා මුදියන්සේ – පොලොන්නරුව

Related posts