සජිත්ගේ රුපියල් 20,000 බොරු පොරොන්දුවක්

සමගි ජන බල වේගය දිනන්නේ නැති බව දන්න නිසා සජිත් ප්‍රේමදාස මහතා අගමැති විමෙන් පසු එක පවුලකට රුපියල් 20,000/= දෙන බව පවසනවා එත් මොහු මෙම මුදල ලබා දෙන්න මුදල් හොයන්නේ කොහොමද කියලා කියන්නේ නැති බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි.

මස්කෙළිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත මේ පිලිබදව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

අද සජිත් ප්‍රේමදාස මහතා කියනවා ඔහු අගමැතිවිමෙන් පසු එක පවුලකට රුපියල් 20,000/= බැගින් ලබා දෙන බව එත් සමගි ජන බල වේගයට පාර්ලීමේන්තු බලය ගන්න බැරි බව දන්න නිසා ඔහු බොරු පොරෝන්දු ලබා දෙනවා.

ඔහු පසුගිය ජනාධිපති මැතිවරණයේදිත් වතු කම්කරුවන්ට රුපියල් 1500/= දෛනික වැටුපක් ලබා දෙන බවට බොරු පොරෝන්දුවක් ලබා  එත් එම වැටුප් වැඩි කිරිම කරන්න බැරි බව වතු සමාගම් පැවසුවා මෙවැනි බොරු පොරෝන්දු දිමෙන් සිදු වන්නේ එවන් පිරිස් ජනතාවගෙන් දුරස් විමයි.

එත් එක්සත් ජාතික පක්ෂය මෙවර පාර්ලීමේන්තු බලය ලබා ගන්නා නිසා විවිධ බොරු පොරෝන්දු ලබා නොදි කල හැකි දේ පමනක් පවසනවා ඩි. එස්.  සේනානායක මහතා ආරම්භ කල එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යාමයි අපි කරන්නේ  එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණට ආදරය කරන පිරිසක් ඉන්නකල් එක්සත් ජාතික පක්ෂය නැති කරන්න කිසිම කෙනකුට බැහැ එම නිසා මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි මේ රටේ පාලන බලය අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නවා.

එසේ මේ රටේ පාලන බලය ලබා ගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කර මේ රටේ දප්පත් ජනතාවට ජිවත් විය හැකි ජිවන ක්‍රමයක් ලබා දිමට අපි පියවර ගන්නවා අද රටේ බඩු මිල අහස උසට නැගලා මෙම බඩු මිල අඩුකර නව රැකියාවන් ඇති කර මේ රටේ ජනතාවගේ ජිවන තත්වයන් නගා සිටුවිමට අපි ඉදිරියේදි පියවර ගන්නවා.

Related posts