‘සමයං’ගේ ප‍්‍රධාන වෙඩික්කරුවෙකු වූ ‘ඉන්ද්‍රා’ මරුට

පාතාල වෙඩික්කරුවෙකු වන ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නවගමුවේදී පොලිස් වෙඩි තැබීමකින් මිය ගියේ ය.

ඒ, ඔහු පලායාමට දැරූ උත්සාහයකදී ය.

නවගමුව, ඇඹුල්ගම ප‍්‍රදේශයේදීයි. පොලිස් අත්අඩංගුවේ සිටි මෙම සැකකරු, සගවා තිබූ ආයුධ පෙන්වීමට පොලිස් ජීප් රථයකින්, රැගෙන යමින් සිටියදී, සැකකරු විසින් එම රථයේ රියදුරුගේ ගෙල සිරකිරීමට උත්සහ කර තිබෙනවා.

එහිදී ජීප්රථය කැලණි ගඟට පෙරළීම වළක්වා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සැකකරු වෙත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සදහන් වන්නේ.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූූ සමයං නමැත්තාගේ ප‍්‍රධාන වෙඩික්කරුවෙකු ද වනවා.

 

Related posts

Leave a Comment