ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි කාන්තාවක් මරුට

death

ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි වයස අවුරුදු 84ක කාන්තාවක් එම නිවසේදි මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මල සිරුර පි. සි. ආර්. පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ වැඩ බලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි.

ඩංබාර වත්ත උඩ කොටස දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිට මෙසේ මිය ගිය කාන්තාවගේ අවුරුදු 23ක් වයසැති මිනිබිරියක් බම්බලපිටිය ප්‍රදේශයේ සේවය කරන අතර එම තරුණියක් පසු ගිය 17වන දින මෙම නිවසට පැමින ඇති බවත් එම තරුණියට පි. සි. ආර්. පරික්ෂාවක් සිදු කර ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවද ඔහු පවසන ලදි.

එම තත්වයන් මත එම තරුණිය රැදි සිටි නිවසේ ජිවත්වු මෙම වයස්ගත කාන්තාව මිය යාම හේතුවෙන් ඇතිවු සැකයක් මත එම මල සිරුර පි. සි. ආර්. පරික්ෂාවකට ලක් කල බවද කාමදේවන් මහතා පවසන ලදි.

පි. සි. ආර්. පරික්ෂාවේ වාර්ථාව ලැබෙන තෙක් එම මල සිරුර දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලේ තැන්පත් කර ඇති බවත් එම පි. සි. ආර්. පරික්ෂන වාර්ථාව ලැබිමෙන් පසු එම මල සිරුර පිලිබදව අවසන් තිරණය ගන්නා බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts