ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ආණමඩුවේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙනවා.

ඉකුත් මස 16 දා ඩුබායි සිට මෙරටට පැමිණි ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිිකාර සදහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පී සී ආර් පරීක්‍ෂණ 3 ක් සිදුකර ඇති අතර තුන් වන පරීක්ෂණයේදී ඔහු කොරෝනා වෛසරය ආසාදිතයයෙකු නොවන බවට තහවුරු වී ඇති බව සදහන්.

Related posts