සැකකරුවකු සිර මැදිරියෙන් පනියි

මතුගම උසාවි සිර මැදිරියේ රඳවා සිටි  හෙරොයින් ළඟ තබා ගත්  සැකකරුවකු පසු ගියදා සිර මැදිරියේ වැසිකිළියේ වහලය කඩා  පැනගොස් ඇතැයි  මතුගම පොලීසිය කියයි.

හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 525 ක්  සන්තකයේ තබාගන සිටි  මීගහතැන්න , පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචි  37 හැවිරිදි  පුද්ගලයෙකු මීගහතැන්න පොලීසීය අත් අඩංගුවට ගෙන පසුගියදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් සිර මැදිරියේ බන්ධනාගාර නිළධාරීන් බාරයට පත්කර සිටි  සැකකරු සවස  තුන හමාරට පමණ එම සිර මැදිරියේ වැසිකිළියේ වහළය කඩා   පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මතුගම පොලීසිය සිද්ධිය මතුගම මහේස්ත්‍රාත් වරයා වෙත දැනුම් දීමෙන් පසු සැකකරු අත් අඩංගුවට ගැනීමට විවෘත්ත වරෙන්තු  නිකුත් කර ඇති අතර මෙි පිළිබඳ මතුගම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

සෝමරත්න පොද්දෙණිය  – මීගහතැන්න

Related posts

Leave a Comment