සිංහල හිංදු අලුත් අවුරුදු සමයේ අහඹු පි. සි. ආර්.පරික්ෂාවන්

rt-pcr

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි පිට පලාත්වල සිට අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පැමිනෙන පිරිස් සදහා අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගන්නා බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මේ වන විටත් කලුගල පොලිස් මාර්ග බාධකය අසලදි දිනකට අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් 50ක් සිදු කරන බවත් එම පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් සියයට දෙකක් වැනි අඩු ප්‍රමාණයක් වාර්ථාවි ඇති බවත්ය.

කලුගල පොලිස් මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට අමතරව විවිධ රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, පුද්ගලික ආතයනවලද අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කරන බවත් සිංහල හා හිංදු අලුත් අවුරුදු සමය තුලදි මෙම  අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පවසන ලදි.

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් කටයුතු කරන ලෙසට සියලුම දෙනාගන් ඉල්ලා සිටින බවත් ඒ තුලින් මෙම ප්‍රදේශය කොවිඩ් වසංගත තත්වයෙන් ආරක්ෂා කර ගැනිමට හැකිවන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts