සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි ආරක්ෂක වැඩ පිලිවෙලක්

sinhala

සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි හැටන් නගරයේ වීශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බි. පලිපාන මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු පලිපාන මහතා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි තම නිවෙස්වලට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂව සදහා නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරින් යෙදවිමට පියවර ගන්නා බවත්ය.

එමෙන්ම මෙම අවුරුදු සමය තුලදි බිමත්ව රිය පදවන පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම, බිමත්ව අන් අයට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම, සෞඛ්‍ය උපදෙස් පිලිපැදිමකින් තොරව කටයුතු කරන පුද්ගලයන් අත් අඩංගුවට  ගැනිම වැනි කරුනු සදහා අවශ්‍ය මෙහෙයුම් සිදු කිරිමට පියවර ගන්නා බවද පලිපාන මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts