සිනමාව නඟා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබා දිය හැකි සහන මෙවර අය වැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වසංගත තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනය යටතේ පවතින හෙයින් සිනමා ශාලා ආරම්භ කිරීමට පියවර ගත්තද, රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පාඩු ලැබීමට සිදු වේ යැයි යන බිය නිසා නිෂ්පාදකයින් තමන්ගේ චිත්‍රපට මේ අවස්ථාවේදී ප්‍රදර්ශනය කිරීමට පසුබට වන බවද මෙහිදී සඳහන් විය.

සිනමා ශාලා විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් මේ වන විට සිනමා ශාලා හිමියන් වෙත ලබාදී ඇති බව පෙන්වාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ දුරස්ථභාවය ඇතුළු චර්යාත්මක වෙනස පවත්වාගෙන යමින් වෛරසය පාලනය කිරීමට තවදුරටත් සෞඛ්‍ය අංශ වලට සහාය ලබා දෙන ලෙසයි.

Related posts

Leave a Comment