සිසුන් 88ක් නිරෝධායනයට

දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම හෙදිය හැටන් බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචි බවත් මෙම හෙදිය ඇයගේ සැමියා හා පුතුන් තිදෙදෙනා සමග අලුත් අවුරුදු සමයේ  ගාල්ල ප්‍රදේශයට ගොස් නැවත සේවය සදහා වාර්ථා කිරිමෙදි කරන ලද ඇන්ටිජන් පරික්ෂාවකදි එම හෙදියට කොවිඩ් 19 ආසාදනවි ඇති බවට හෙලිව ඇති බවත්ය.

පසුව එම හෙදියගේ සැමියා හා පුතුන් තිදෙනාවද ඇන්ටිජන් පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසුව එම හෙදියගේ පුතුන් දෙදනකුට කොවිඩ් ආසාදනවි ඇති බවට අනාවරණයවි ඇති බවත් එම හෙදියගේ එක් පුතකුට හා සැමියාට කොවිඩ් ආසාදනවි නොමැති බවට හෙලිව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

කොවිඩ් ආසාදිත එම දරුවන් දෙදෙනාගෙන් එක් අයකු හැටන් ප්‍රදේශයේ විදුහලක 06වන වසරේ ඉගෙනුම ලබන බවත් අනික් දරුවා හැටන් ප්‍රාථමික විදුහලක 02වන වසරේ ඉගෙනුම ලබන බවත් එම තත්වයන් මත 06වන වසරේ ඉගෙනුම ලැබු සිසුවා ඇසුරු කල පංති තුනක සිසුන් 66ක් හා එම පංතිවලට ඉගැන්විම් කල ගුරුවරුන්ද 02 වසරේ ඉගෙනුම ලැබු සිසුවා ඇසුරු කල සිසුන් 22ක් හා එහි ගුරුවරුන්ද දින 14ක් එනම් මැයි මස 04වන දින දක්වා ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ ස්වයං නිරෝධානයට ලක් කරන සිසුන් හා ගුරුවරුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම පි. සි. ආර්. වාර්ථා ලැබිමෙන් පසු එම වාර්ථා මත ඉදිරි කටයුතු සිදු කරන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts