හැටන් කොළඹ මාර්ගය නොපෙනී යයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින දැඩි වර්ෂාව හා සුලං සමග විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.

හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන, රදැල්ල, නානුඔය, නුවරඑළිය මෙන්ම හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන යන ප්‍රදේශවලද මාර්ගය නොපෙනි යන අයුරින් විටින් විට දැඩි මීදුමක් පවතින බවත් මෙම තත්වයන් සමග විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මෙම තත්වයන් හේතුවෙන් මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා කල්පනාකාරිව රථ වාහනවල ඉදිරිපස පහාන් දල්වාගෙන රථ වාහන ධාවනය කරවිමට සියලු රියදුරන් පියවර ගත යුතු බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment