හැටන් ගමනාගමනය අවධානම්

හැටන් ප්‍රදේශය තුල පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත.

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශ තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ හැටන් ප්‍රදේශයේ මෙන්ම හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේද අනිකුත් මාර්ග තුලද විටින් විට මාර්ග නොපෙනි යන අයුරින් දැඩි මීදුම් තත්වයන් පවතින බවත් මෙම තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මෙම තත්වයන් හමුවේ මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා කල්පනාකාරිව රථ වාහන ධාවනය කර විමට සියලු රියදුරන් පියවර ගත යුතු බවද එ නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment