හැටන් ස්ථාන කිපයක කුණු කසල ගොඩගැසිමෙන් රෝග පැතිරයාමේ අවදානමක්

හැටන් නගර සභා කාර්යාලය පිටුපස හා තවත් ස්ථාන කිපයක කුණු කසල ගොඩ ගැසිමත් සමග එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මෙම තත්වයන් මත විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක්ද හට ගෙන ඇත.

හැටන් නගර සභා කාර්යාලය අසල හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල මෙන්ම පෙර පාසලක්ද පැවැත්වෙන අතර මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩගැසිමත් සමග හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට පැමිනෙන පිරිස්, හැටන් ශ්‍රිපාද විදුහලේ හා පෙර පාසලේ ඉගෙනුම ලබන කුඩා දරුවන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක්ද හට ගෙන ඇත.

මේ පිලිබදව අදහස් දක්වන හැටන් ශ්‍රිපාද විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මෙන්ම පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පවසන ලද්දේ නගර සභා කාර්යාල පිටුපස මෙසේ කසල ගොඩ ගැසිමත් සමග පවතින දැඩි දුගද හේතුවෙන් තම දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

එමෙන්ම මෙම කසල හේතුවෙන් පවතින මැසි මදුරු උවදුරද ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තම දරුවන්ගේ සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය.

මෙම ස්ථානයේ පවතින කසල හේතුවෙන් කොරෝනාවට වඩා බයානක රෝග තම දරුවන්ට බෝවිමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මෙම ස්ථානයේ පවතින කසල ගොඩ හේතුවෙන් විහාරස්ථානයට පැමිනෙන තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙන බවත් මෙම කසල මෙම ස්ථානයෙනක් ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් වැඩි දුරටත් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසනුයේ හැටන් දික්ඔය බල ප්‍රදේශයේ එකතුවන කුණු කසල බැහැර කිරිම සදහා නිසි ස්ථානයක් නොමැතිවිම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය.

මෙහි එකතු කරනු ලබන කසල මස්කෙළිය රිකාටන් ප්‍රදේශයට රැගෙන යාමට පියවර ගන්නා බවත් එහෙත් එහිද දැමිමට හැකි වන්නේ සිමිත ප්‍රමානයක් බැවින් මෙම නගර සභාව මෙම කසල ප්‍රශ්නයේදි දැඩි ගැටලුකාරි තත්වයකට පත්ව ඇති බවද පවසන ලදි.

තමන් බලයට පත්වු දින සිටම මෙම කසල බැහැර කිරිම සදහා ඉඩමක් ලබා ගැනිමට විවිධ උත්සහා කලද එය නිස්පලවු බවත් පසුව රොසැල්ල ප්‍රදේශයේ මුඩු ඉඩමක් බදු ක්‍රමය මත ලබා ගත්තද එයටද පිරිසක් විරෝධය පල කිරිම හේතුවෙන් එයද නිස්පල වුබවත් පවසන ලදි.

හැටන් ප්‍රදේශයේ පවතින මෙමම කසල ප්‍රශ්නය පිලිබදව නව රජයේද අවදානය යොමු කිරිමට පියවර ගන්නා බවත් නව රජයෙන් හෝ ඉඩමක් මෙම නගර සභාවට ලබා දිමට කටයුතු කරන්නේ නම් මෙම කසල ප්‍රශ්නයට නිසි විසදුමක් ලබා දිමට හැකි බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment