හිටපු ජනාධිපති යළි අලි සමග

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත ඊයේ (17) උදෑසන  හතයි දහයට(7.16)ට යෙදී තිබුණු අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්  හිසතෙල් ගෑමේ උත්සවය  පොළොන්නරුව කදුරුවෙල ජයන්ති  විහාරස්ථානයේ දී  පැවැත්විණ.

පොලොන්නරුව කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම උළෙලේ දී නැකතට හිස තෙල් ගෑම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළේය.

කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල ආහිමියන් ඇතුළු මහා සංඝ රතනයේ ආශිර්වාද මැද ඒ මහතා හිස තෙල් ගෑමේ චාර්තිරය ඉ‍ටු කළේ ය.

මංගල හස්තියාගේ හිසතෙල් ගෑම ද හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී  අමරකීර්ති අතුකෝරල පොලොන්නරුව නගර සභාවේ නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරු ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිටිය හ.පින්තුරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

Related posts