හොංකොං හි කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළට

හොංකොං හි කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාමත් සමග නීතිරීති දැඩි කර තිබෙනවා.

සියලුම පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර නීති රීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකු හොංකොං ඩොලර් 5000ක උපරිම දඩයකට යටත් විය හැකි බවයි එරට වාර්තාවල දැක්වුණේ.

හොංකොං සෞඛ්‍ය ලේකම් සොෆියා චෑන් පැවසුවේ හොංකොං හි වඩාත් තීරණාත්මක කාලය මෙයවන බවයි.

Related posts