ගාල්ලේ දං ගදෙරින් ගණිකා මඩමක් වටලයි – කාන්තාවන් 07දෙනෙක් කොටු

ganika-madama

ගාල්ල දංගෙදර ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශය මගින්  වැටලිමක් සිදු කර කාන්තාවන් 07දෙනෙක් හා එහි කලමනාකාර වරයා ද ඇතුලුව 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් වයස අවුරුදු 20,22,24,27,28,29,30 යන වයසේ පසුවු විවාහක කාන්තාවෝ වෙති.

මෙම පිරිස වව්නියාව,බලංගොඩ,වැලිගම, බද්දේගම,මතුගම,රත්නපුර ආදි ප්‍රදේශවල කාන්තාවන් බව ගාල්ල පොලිසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො.ප. ධමිමික නාගහවත්ත මහතා පවසයි.

මෙම කාන්තාවන්ගේ ස්වාමිපුරෂයන් මේ කාන්තාවන් හැරගොස් ඇත. ඔවුන් තම දරුවන් පෝෂණය කරන්නේ මේ රස්සාව කිරිම තුළින් බවත් දරුවන් බලා ගැනීමට වෙනත් කාන්තාවන් යොදාවා ඒ අයට මාසික ව දීමනාවක් ලබාදෙන්නට මේ කාන්තාවෝ පියවරගෙන ඇත.

ඒ මුදල් ලබාගන්නේ ගණිකා වෘත්තයේ යෙදිමෙනි සරිකර ගන්නාවු මුදල් වලින් බව අත්අඩංගුවට ගත් කාන්තාවෝ පොලිසියට පවසා ඇත.
ගණිකාවන් 07 දෙනා හා ආයතනයේ කළමනාකාරු (24) දින ගාල්ල අධිකරනයට ඉදිරිපත් කරන්ට නියමිතව තිබේ.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Related posts