11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා

‘‘ශාරීරික ව්‍යායාම ගුරුවරයා 11 වසරේ පුතාට කණ පැලෙන්න ගහලා. මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා…’’ කියා පහර දුන් ගුරුවරයා මට කිවුවා යැයි දරුවාගේ පියා කියයි.

තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේම ශාරීරික ව්‍යායාම බාරව කටයුතු කරන ගුරුවරයා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවා ප‍්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමට සිදු වූ බව සිසුවාගේ පියා වන රසික චන්දන මහතා පැවසීය.

පහරකෑම හේතුවෙන් දරුවාගේ වම් කනෙහි ඇතිවූ සංකූලතා හේතුවෙන් දරුවා ප‍්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

දරුවන් වැරදි කරනවා නම් ගුරුවරු හැටියට දඩුවම් කළ යුතුයි.ඒකට අපි විරුද්ධ නෑ.ඒත් දරුවෙකු වරදක් කළා කියා කණ පැලෙන්න ගහන්න ගුරුවරුන්ට හැකියාවක් නෑ.ඒ නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලනවා යැයි සිසුවාගේ පියා වන රසික චන්දන මහතා පැවසීය.

Related posts