13 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කරයි

දූෂණය කිරීමෙන් අනතුරුව අධික ලෙස වද හිංසාවට ලක්කර 13 හැවිරිදි ගැහැණු ළමයෙකු ව ඝාතනය කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

වැසිකිළිය ට ගිය සිය දියණිය ප්‍රමාද බැවින් ඒ ගැන සොයා බලන විට දෙමව්පියන්ට ඇයගේ සිරුර හමු වී තිබේ.

දූෂණය කිරීමෙන් අනතුරුව ගෙල සිරකර ඇය ව ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.

ඇයගේ සිරුර උක් වගා බිමක තිබී හමු වී ඇති අතර පොලීසිය විසින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts