20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත – ගැසට් පත්‍රය නිකුත් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ජාතික ආරක්‍ෂාව ශක්තිමත් වන බව, නීතිවේදීන් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු සභාවක් ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කෙරේ.

පාර්ලිමේන්තු සභාවට අගමැතිවරයා, කතානායකවරයා, විපක්‍ෂ නායකවරයා සහ අගමැතිවරයාගේ හා විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයෙකු බැගින් ඇතුළත්.

වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වනසේ පැවති වගන්තිය ඉවත්කර වසරක කාලයකින් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකිවන සේ වගන්තියක්, නව ව්‍යවස්ථාවට එක්කර තිබේ.

ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි වුවද සිය කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බව, 20 වැනි සංශෝධනයේ ඇතුලත්. ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී 19 වැනි සංශෝධනය නිසා ඇති වූ ගැටලු 20 වැනි සංශෝධනයෙන් ඉවත් කර ඇතැයි නීතිවේදීන් පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

1. මේ පනත විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හඳුන්වනු ලැබේ.

2. (මේ පනතේ ”ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව’’ යනුවෙන් සඳහන් කරනු ලබන) ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වන ව්‍යවස්ථාව, එහි (3අ)(අ):ස) වන අනුව්‍යවස්ථාවේ ‘‘වැඩිදුර කාලයක් සඳහා’’ යන වචන වෙනුවට ‘‘දෙවන ධුර කාලයක් සඳහා’’ යන වචන ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

3. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරනු ලැබේ :-

‘‘ජනාධිපතිවරයා ගේ බලතල හා කාර්ය.

33. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතව ම තමා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට –

(අ) පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයෙහි පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කිරීමට බලය ඇත්තේ යත

(ආ) පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය ඇත්තේ යත

(ඇ) තානාපතිවරයන්, මහ කොමසාරිස්වරයන්, පූර්ණාධිකාරී රාජ්‍ය දුතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතල

පැවරීමට ද, ඔවුන් පිළිගැනීමට ද බලය ඇත්තේ යත

(ඈ) නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වයට පත්ව ඇත්තා

වූ ද පැවැත්මෙහි හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ඨ තත්ත්වයක් පවත්වාගෙන ඇත්තා වූ ද නීතිඥවරයන් ජනාධිපති නීතිඥවරයන් වශයෙන් පත් කිරීමට බලය ඇත්තේ ය. මේ ෙඡ්දය යටතේ පත් කරනු ලබන සෑම ජනාධිපති නීතිඥවරයකුටම ඒ දක්වා රාජ නීතිඥවරයන් විසින් භුක්ති විඳින ලද සියලූ වරප‍්‍රසාදවලට හිමිකම ඇත්තේ යත

(ඉ) ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද අග‍්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍ර විනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල සහ ජනරජයට අයත් වූ ද ප‍්‍රදානය කිරීමට හා පවරා දීමට ද ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වූ ද ඉඩකඩම් හා නිශ්චල දේපළ ප‍්‍රදානය කිරීමේ දී හෝ පවරා දීමේ දී, ඒ සම්බන්ධ ප‍්‍රදාන පත‍්‍රවල හා පැවරුම් පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා, අත්සන් කිරීමට ද රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයක ම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද බලය ඇත්තේ යත

(ඊ) යුද්ධ ප‍්‍රකාශ කිරීමට හා සාමය ප‍්‍රකාශ කිරීමට බලය ඇත්තේ යත සහ

(උ) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද ජාත්‍යන්තර නීතිය, චාරිත‍්‍ර වාරිත‍්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව හෝ බලය ලැබී ඇත්තා වූ ද සියලූ ක‍්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේ ය.’’.

‘‘ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව.

35. (1) ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව නඩු පැවරීමේ දී නඩු පැවරිය හැකි කාලසීමාව නීතියෙන් නියම වී ඇති විට, ඒ කාලසීමාව තුළ ඒ තැනැත්තා යම් කිසි කාලයක් ජනාධිපති ධුරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාලසීමාව ඉකුත් වූයේ ද යන වග නිශ්චය කිරීමේ දී ඔහු ජනාධිපති ධුරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

(3) මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ විධිවිධානවලින් පැවරී ඇති මුක්තිය, ජනාධිපතිවරයාට පවරා ඇති නැතහොත් 44 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව යටතේ ඔහුගේ භාරයේ තිබෙන යම් විෂයයකට හෝ කාර්යයකට සම්බන්ධ යම් බලයක් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව කවර වූ හෝ අධිකරණයක පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ 129 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම හා සම්බන්ධව හෝ ජනමත විචාරණයක වලංගුභාවය සම්බන්ධව 130 වන ව්‍යවස්ථාවේ (අ) ෙඡ්දය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට

හෝ 144 වන ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු තෝරා පත් කර ගැනීම හා සම්බන්ධව නැතහොත් ජනමත විචාරණයක වලංගුභාවය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතුවලට හෝ අදාළ නොවන්නේ යථ

එසේ වුව ද, එවැනි යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම් බලයක් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව එවැනි යම් නඩු කටයුත්තක් නීතිපතිවරයාට විරුද්ධව පැවරිය

යුත්තේ ය.’’.

,ඪෂෂ අ පරිච්ෙඡ්දය

විධායකය

පාර්ලිමේන්තු සභාව

ජනාධිපතිවරයා විසින් උපලේඛනවල සඳහන් කොමිෂන් සභා සහ ධුර සම්බන්ධයෙන් පත්කිරීම් සිදුකරනු ලැබිය යුතු බව

41අ. (1) මේ ව්‍යවස්ථාවේ ෂ වන උපලේඛනයේ සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් ද, මේ ව්‍යවස්ථාවේ ෂෂ වන උපලේඛනයේ ෂ වන කොටසේ සහ ෂෂ වන කොටසේ සඳහන් ධුරවලට පත්කළ යුතු තැනැත්තන් ද, ජනාධිපතිවරයා විසින් ඒ කොමිෂන් සභාවලට සහ ධුරවලට පත්කරනු ලැබිය යුත්තේ ය. ජනාධිපතිවරයා විසින් එකී පත්කිරීම් සිදුකිරීමේ දී-

(අ) අග‍්‍රාමාත්‍යවරයා

(ආ) කථානායකවරයා

(ඇ) විරුද්ධ පක්ෂයේ නායකවරයා

(ඈ) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විය යුතු, අග‍්‍රාමාත්‍යවරයාගේ නාමිකයකුත සහ

(ඉ) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විය යුතු, විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ නාමිකයකු, යන අයගෙන් සමන්විත (මෙහි මින්මතු,සභාව, යනුවෙන් සඳහන් කරනු ලබන) පාර්ලිමේන්තු සභාවක නිරීක්ෂණ ඉල්ලා සිටීම කළ යුත්තේ යත එසේ වුව ද, ඉහත (ඈ) සහ (ඉ) ෙඡ්ද ප‍්‍රකාර පත්කරනු ලබන තැනැත්තන් ඉහත (අ), (ආ) සහ (ඇ) ෙඡ්දවල නිශ්චිතව සඳහන් තැනැත්තන් අයත්වන ජන කොට්ඨාස නොවන්නා වූ ජන කොට්ඨාසවලට අයත්වන නාමිකයන් බව සහතික වන ආකාරයට නම් කළ

යුත්තේ ය.

ෂ වන උපලේඛනය

1. මැතිවරණ කොමිෂන් සභාව.

2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

3. ජාතික පොලිස් කොමිෂන් සභාව.

4. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

5. අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව.

6. මුදල් කොමිෂන් සභාව.

7. සීමා නිර්ණය කොමිෂන් සභාව.

ෂෂ වන උපලේඛනය

ෂ වන කොටස

1. අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්.

2. අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන්.

3. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්.

ෂෂ වන කොටස

1. නීතිපතිවරයා.

2. විගණකාධිපතිවරයා.

3. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මන්).

4. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා.

(2) මේ ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයෙන් සතියක කාලයක් ඇතුළත, ඒ නම් කිරීම් සිදු කරන මෙන්, අග‍්‍රාමාත්‍යවරයාට සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාට, කථානායකවරයා විසින් නියම කරනු ලැබිය යුත්තේ යථ එසේ වුව ද, අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා, ඒ නම් කිරීම් සිදුකිරීම පැහැර හැරියහොත්, මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ අතුරු විධානයේ නිශ්චිතව දක්වා ඇති උපමාන සැලකිල්ලට ගනිමින්, (1) වන අනුව්‍යවස්ථාවේ (ඈ) සහ (ඉ) ෙඡ්දවල කාර්ය සඳහා නාමිකයන් වශයෙන් පාර්ලිමේන්තුවේ යම් මන්ත‍්‍රීවරුන් නම් කිරීමට කථානායකවරයා විසින් කටයුතු කරනු ලැබිය යුත්තේ ය.

(3) (1) වන අනුව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටිනු ලබන අවස්ථාවේදී, සභාවේ ඔවුන්ගේ නාමිකයන් විය යුතු තැනැත්තන් කවරහු ද යන්න නම් කිරීම අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා විසින් පැහැර හැර තිබේ නම්, මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ අතුරු විධානයේ නිශ්චිතව දක්වා ඇති උපමාන සැලකිල්ලට ගනිමින්, (1) වන අනුව්‍යවස්ථාවේ (ඈ) සහ (ඉ) ෙඡ්දවල කාර්ය සඳහා නාමිකයන් වශයෙන් පාර්ලිමේන්තුවේ යම් මන්තී‍්‍රවරුන් නම් කිරීමට කථානායකවරයා විසින් කටයුතු කරනු ලැබිය යුත්තේ ය.

(4) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 64 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ කවර විධිවිධානයක් තිබුණ ද, එය නොතකා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දී, 64 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු කථානායකවරයා ලෙස තෝරා පත්කර ගනු ලබන තෙක්, කථානායකවරයා මේ ව්‍යවස්ථාවේ කාර්ය සඳහා කථානායකවරයා ලෙස නොකඩවා කටයුතු කළ යුත්තේ ය. ඉන්පසු අලූත් කථානායකවරයා සභාවේ සාමාජිකයකු විය යුත්තේ ය.

(5) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද, ඉන් ඉක්බිතිව පවත්වනු ලබන මහ මැතිවරණයකින් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා ලෙස පිළිගනු ලබන තෙක් විරුද්ධ පක්ෂයේ නායකවරයා, මේ ව්‍යවස්ථාවේ කාර්ය සඳහා විරුද්ධ පක්ෂයේ නායකවරයා ලෙස නොකඩවා ධුරය දැරිය යුත්තේ ය. ඉන්පසු අලූත් විරුද්ධ පක්ෂයේ නායකවරයා සභාවේ සාමාජිකයකු විය යුත්තේ ය.

(6) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද, එය නොතකා ඉන් ඉක්බිතිව පවත්වනු ලබන මහ මැතිවරණයකින් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගනු ලබන තෙක්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වූ, අග‍්‍රාමාත්‍යවරයාගේ නාමිකයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ නාමිකයා සභාවේ සාමාජිකයන් ලෙස නොකඩවා කටයුතු කළ යුත්තා හ. ඉන්පසු අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා විසින් මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (ඈ) සහ (ඉ) ෙඡ්ද ප‍්‍රකාර ඔවුන්ගේ නාමිකයන් ලෙස අලූත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනකු පිළිවෙළින් නම් කරනු ලැබිය යුත්තේ ය.

(7) මේ ව්‍යවස්ථාව යටතේ සංස්ථාපිත සභාවේ නිල කාලය 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් යම් කාලයක් සඳහා දීර්ඝ විය

යුත්තේ ය. තව ද, එම නිල කාලය කෙරෙහි, 70 වන ව්‍යවස්ථාව ප‍්‍රකාර පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමක් මඟින් බලපෑමක් ඇති නොවිය යුත්තේ යථ

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් එකී නිල කාලය තුළ දී පිළිවෙළින් අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා විසින් නාමිකයන් ලෙස පත් කරනු ලැබූ තැනැත්තන් ඉවත් කිරීම හෝ එකී නාමිකයකුගේ අශක්නුතාවක් ඇති අවස්ථාවක, (1) වන අනුව්‍යවස්ථාවේ අතුරු විධානයේ නිශ්චිතව දක්වා ඇති උපමාන සැලකිල්ලට ගනිමින් සභාවේ ඔහුගේ නාමිකයා ලෙස වෙනත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අවස්ථාවෝචිත පරිදි, අග‍්‍රාමාත්‍යවරයාට හෝ විරුද්ධ පක්ෂයේ නායකවරයාට නියම කිරීම හෝ කරනු ලැබිය හැක්කේ ය. එවැනි අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, ඉවත් කිරීම හෝ අශක්නුතාව හෝ හේතුවෙන් නිර්මාණය වූ පුරප්පාඩුව පිරවීම සඳහා නම් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා විසින්, ඔහු නම් කරනු ලැබුවේ යම් සාමාජිකයකුගේ පුරප්පාඩුවක් පිරවීම සඳහා ද, සභාවේ එකී සාමාජිකයාගේ ඉකුත් නොවූ ධුර කාලය සඳහා පමණක් සභාවේ සාමාජිකයකු ලෙස නොකඩවා කටයුතු කළ යුත්තේ ය.

(8) (අ) ජනාධිපතිවරයා විසින් (1) වන අනුව්‍යවස්ථාව යටතේ සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී, තමන් විසින් එකී පත්වීම් සඳහා යෝජනා කරනු ලැබූ තැනැත්තන් පිළිබඳ සභාවේ නිරීක්ෂණ, එකී නිරීක්ෂණ ඉල්ලා සිටීමේ දින සිට සතියක කාලපරිච්ෙඡ්දයක් තුළ කථානායකවරයා මඟින් තමන්ට එවන ලෙස සභාවට නියම කරනු ලැබිය යුත්තේ ය.

(ආ) සභාව විසින් එහි නිරීක්ෂණ (අ) ෙඡ්දයේ නිශ්චිතව සඳහන් කරනු ලැබූ කාලය තුළ දැන්වීම පැහැර හැරියහොත්, ජනාධිපතිවරයා විසින් වහාම එකී පත්වීම් සිදු කිරීමට කටයුතු කළ යුත්තේ ය.

(9) පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන්නා වූ යම් පිළිගත් දේශපාලන පක්ෂයක නායකයකු විසින් මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ ෂ වන උපලේඛනයේ සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා හෝ සාමාජිකයකු හෝ ලෙස යම් තැනැත්තකුගේ නම යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන අවස්ථාවක දී, ජනාධිපතිවරයා විසින් සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටිනු ලැබූ දින සිට සතියක කාල පරිච්ඡේදයක් තුළ එයට අදාළව යම් තැනැත්තකුගේ නම ඔහු විසින් කථානායකවරයාට ඉදිරිපත් කළ

හැක්කේ ය. එවැනි පත්වීම් කරනු ලබන විට ජනාධිපතිවරයා විසින් එකී නම් සැලකිල්ලට ගනු ලැබිය යුත්තේ ය.

(10) මේ ව්‍යවස්ථාවේ ෂ වන උපලේඛනයේ සඳහන් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස පත්කරනු ලැබූ යම් තැනැත්තකු, හෝ මේ ව්‍යවස්ථාවේ ෂෂ වන උපලේඛනයේ ෂ වන කොටසේ සහ ෂෂ වන කොටසේ සඳහන් ධුරවලට පත් කරනු ලැබූ යම් තැනැත්තකු, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට හෝ එකී කාර්යය සඳහා පනවන ලද වෙනත් යම් නීතියකින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට හෝ හැර ඉවත් නොකළ යුත්තේ ය. එවැනි විධිවිධාන සලස්වා නොමැති අවස්ථාවක එකී තැනැත්තා ජනාධිපතිවරයා විසින් ඉවත් කළ යුත්තේ ය.

(11) සභාවේ නිරීක්ෂණ ලබා ගැනීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය කථානායකවරයා විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේ ය.’’.

,ඪෂෂෂ වන පරිච්ෙඡ්දය

විධායකය

අමාත්‍ය මණ්ඩලය

ජනාධිපතිවරයාගේ වගකීම්.

42. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුළු වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක‍්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.

අමාත්‍ය මණ්ඩලය

43. (1) ජනරජයේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින්නේ ය.

(2) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ

සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ද

වන්නේ යථ

එසේ වුව ද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිර ගිය ද ජනාධිපතිවරයා තවදුරටත් තම ධුරය දරන්නේ ය.

(3) පාර්ලිමේන්තුවේ යම්කිිසි මන්ත‍්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්තී‍්‍රවරයා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුත්තේ ය.

අමාත්‍ය මණ්ඩලෙයේ අමාත්‍යවරයන් සහ ඔවුන්ගේ විෂය සහ කාර්ය

44. (1) අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් කලින් කල –

(අ) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ යත තවද

(ආ) එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.

(2) ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කාර්යයක් තමාට ම පවරා ගැනීම කළ හැකි අතර මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ හෝ 45 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ හෝ යම් අමාත්‍යවරයකුට පවරනු නොලැබූ යම්කිසි විෂයයක් හෝ කාර්යයක් භාරව සිටිය යුත්තේ ය. තත් කාර්ය සඳහා තමා භාරයේ තිබිය යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව නිශ්චය කිරීම ද කළ හැක්කේ ය. ඒ අනුව, ඒ විෂයය හෝ කාර්යය පවරනු ලැබූ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම්කිසි ලිඛිත නීතියක හෝ ඇති සඳහනක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වූ සඳහනක් ලෙස කියවා තේරුම් ගත යුත්තේ ය.

(3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලනොපාන්නේ ය.

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්, ඔවුන්ගේ අමාත්‍යාංශ, විෂය සහ කාර්ය

45. (1) අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් කලින් කල –

(අ) පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයන් අතුරෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ යත තවද

(ආ) ඒ අමාත්‍යවරයන්ට පැවරිය යුතු විෂය සහ කාර්ය ද ඔවුන්ට යම් අමාත්‍යාංශ භාර කරනු ලබන්නේ නම් ඒ අමාත්‍යාංශ ද නිශ්චය කළ හැක්කේ ය.

(2) මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව යටතේ කරන ලද යම් පත් කිරීමක් හෝ විෂය සහ කාර්ය පැවරීමක් ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද වෙනස් කරනු ලැබිය හැක්කේ ය.

(3) මේ ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද සෑම අමාත්‍යවරයෙක්ම අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකීමට සහ උත්තර දීමට බැඳී සිටින්නේ ය.

(4) අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ අමාත්‍යවරයකු වෙත පැවරී ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම්කිසි බලයක් හෝ කාර්යයක් හෝ යම්කිසි ලිඛිත නීතියකින් පැවරී ඇත්තා වූ හෝ නියම වී ඇත්තා වූ යම්කිසි බලයක් හෝ කාර්යයක් හෝ ගැසට් පත‍්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට පවරා දිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ ඒ අමාත්‍යවරයාට ඒ බලය හෝ කාර්යය පවරන්නා වූ හෝ නියම කරන්නා වූ ලිඛිත නීතියේ පටහැනිව කුමක් සඳහන් වී තිබුණ ද, මේ අනුව්‍යවස්ථාව යටතේ එකී වෙනත් අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබූ යම්කිසි බලයක් හෝ කාර්යයක් ඔහු විසින් ක‍්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යනුකූල වන්නේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයෝ.

46. (1) අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ට ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමෙහිලා සහාය වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයන් අතුරෙන් නියෝජ්‍ය අමාත්‍යවරයන් කලින් කල පත් කරනු ලැබිය හැක්කේ ය.

(2) අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ අමාත්‍යවරයකු වෙත පවරා ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම් කිසි බලයක් හෝ කාර්යයක් හෝ, යම්කිසි ලිඛිත නීතියකින් පැවරී ඇත්තා වූ හෝ නියම වී ඇත්තා වූ යම්කිසි බලයක් හෝ කාර්යයක් හෝ ගැසට් පත‍්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් ඒ අමාත්‍යවරයා විසින් ස්වකීය නියෝජ්‍ය අමාත්‍යවරයාට පවරා දිය හැක්කේ ය. එකී අමාත්‍යවරයාට ඒ බලය හෝ ඒ කාර්යය

පවරන්නා වූ හෝ නියම කරන්නා වූ ලිඛිත නීතියේ පටහැනිව කුමක් සඳහන් වී තිබුණ ද, මේ අනුව්‍යවස්ථාව යටතේ එකී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබූ යම්කිසි බලයක් හෝ කාර්යයක්, ඔහු විසින් ක‍්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යනුකූල වන්නේ ය.

අග‍්‍රාමාත්‍යවරයාගේ, අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ ධුර කාලය.

47. අග‍්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙනත් යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් –

(අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්ත

(ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් අස්වුවහොත්ත හෝ

(ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකු නොවුවහොත්

මිස, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති කාලය තුළ අමාත්‍ය මණ්ඩලය.

48. (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන තෙක් ක‍්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද දිගටම ක‍්‍රියා කළ යුතු අතර, මහ මැතිවරණය අවසාන වූ විට එසේ ක‍්‍රියා කිරීම නතර කළ යුත්තේ ය. ඒ අනුව, අග‍්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද වෙනත් අමාත්‍යවරයන් ද නියෝජ්‍ය අමාත්‍යවරයන් ද, 47 වන ව්‍යවස්ථාවේ (අ) ෙඡ්දයෙහි හෝ (ආ) ෙඡ්දයෙහි විධිවිධාන සලසා ඇති පරිදි ධුර දැරීම නතර වුවහොත් මිස, දිගටම ක‍්‍රියා කරන්නාහ.

(2) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ අග‍්‍රාමාත්‍යවරයා මිය ගියේ වුව ද, ධුරයෙන් ඉවත් කරනු ලැබූයේ වුව ද, අස්වූයේ වුව ද, අමාත්‍ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන්ගෙන් සමන්විතව මහ මැතිවරණය අවසාන වන තෙක් ක‍්‍රියා කරන්නේ ය. තව ද, අග‍්‍රාමාත්‍යවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීම සඳහා සහ ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එකී අමාත්‍යවරයන් අතුරෙන් යම් අමාත්‍යවරයකු පත් කරනු ලැබිය හැක්කේ ය. නැතහොත් ඒ බලතල, කාර්ය හා කර්තව්‍ය ජනාධිපතිවරයා විසින් ම ක‍්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම කළ හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයෙක් නොසිටී නම් මහ මැතිවරණය අවසාන වන තෙක්, අමාත්‍ය මණ්ඩලයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ජනාධිපතිවරයා විසින් ම ක‍්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම කළ යුත්තේ ය.

(3) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු හෝ වෙනත් යම් අමාත්‍යවරයකු හෝ මිය ගිය විට, ධුරයෙන් ඉවත් කරනු ලැබූ විට හෝ ඉල්ලා අස් වූ විට ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය භාරව කටයුතු කිරීමට හෝ ඒ අමාත්‍යවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීමට හා ඉටු කිරීමට වෙනත් කවර වූ හෝ අමාත්‍යවරයකු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය හැක්කේ ය. නැතහොත් ජනාධිපතිවරයා විසින් ම ඒ අමාත්‍යාංශය භාරව කටයුතු කිරීම හෝ ඒ බලතල, කාර්ය සහ කර්තව්‍ය තමා විසින් ම ක‍්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම කළ හැක්කේ ය.

අමාත්‍ය මණ්ඩලය විසිරීම

49. (1) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර, මිය යෑමෙන්, ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් අග‍්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට, 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක‍්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය. එසේ වූ විට, ජනාධිපතිවරයා විසින් 43 වන, 44 වන, 45 වන සහ 46 වන ව්‍යවස්ථා අනුව අග‍්‍රාමාත්‍යවරයකු ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද වෙනත් අමාත්‍යවරයන් ද නියෝජ්‍ය අමාත්‍යවරයන් ද පත් කළ යුත්තේ යථ

එසේ වුව ද, ඉහත කී පරිදි අග‍්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, අමාත්‍ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන්ගෙන් සමන්විතව මහ මැතිවරණය අවසාන වන තෙක් ක‍්‍රියා කරන්නේ ය.

තව ද, අග‍්‍රාමාත්‍යවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීම සඳහා සහ ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එකී අමාත්‍යවරයන් අතුරෙන් යම් අමාත්‍යවරයකු පත් කරනු ලැබිය හැක්කේ යත නැතහොත් ඒ බලතල, කාර්ය සහ කර්තව්‍ය ජනාධිපතිවරයා විසින් ම ක‍්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම කළ හැක්කේ ය. තව ද 48 වන ව්‍යවස්ථාවේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, මේ සම්බන්ධයෙන් අදාළ වන්නේ ය.

(2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළහොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළහොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය. එසේ වූ විට 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක‍්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් මිස, ජනාධිපතිවරයා විසින් 43 වන, 44 වන, 45 වන සහ 46 වන ව්‍යවස්ථා අනුව අග‍්‍රාමාත්‍යවරයකු ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් ද වෙනත් අමාත්‍යවරයන් ද නියෝජ්‍ය අමාත්‍යවරයන් ද පත් කළ යුත්තේ ය.

වැඩ බලන අමාත්‍යවරයා හා වැඩ බලන නියෝජ්‍ය අමාත්‍යවරයා

50. අමාත්‍ය මණ්ඩලයේ යම් කිසි අමාත්‍යවරයකුට හෝ වෙනත් අමාත්‍යවරයකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුට හෝ සිය ධුරයේ කාර්ය ඉටු කිරීමට නොහැකි වුවහොත්, එවිට එකී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයාගේ හෝ වෙනත් අමාත්‍යවරයාගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හෝ ධුරයේ වැඩ බැලීමට පාර්ලිමේන්තුවේ කවර වූ හෝ මන්ත‍්‍රීවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය

ඇත්තේ ය.

අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා

51. අමාත්‍ය මණ්ඩලයට ලේකම්වරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා විසින් ලේකම්වරයා පත් කරනු ලබන්නේ ය. ජනාධිපතිවරයාගේ විධානයන්ට යටත්ව අමාත්‍ය මණ්ඩල කාර්යාලය භාරව එහි කටයුතු කිරීමත් ජනාධිපතිවරයා විසින් හෝ අමාත්‍ය මණ්ඩලය විසින් හෝ පවරනු ලබන්නා වූ වෙනත් යම්කිසි කර්තව්‍ය හෝ කාර්ය හෝ වේ නම් ඒ කර්තව්‍ය හෝ කාර්ය ඉටු කිරීමත් ලේකම්වරයා විසින් කරනු ලැබිය යුත්තේ ය.

අමාත්‍යාංශයන්හි ලේකම්වරයන්

52. (1) එක් එක් අමාත්‍යාංශයට ලේකම්වරයෙක්

වන්නේ ය. ජනාධිපතිවරයා විසින් ඒ ලේකම්වරයා පත් කරනු ලබන්නේ ය.

(2) අමාත්‍යාංශයේ ලේකම්වරයා ස්වකීය අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ද වෙනත් ආයතන ද, ස්වකීය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්ව, මෙහෙයවන්නේ ය.

(3) යම් අමාත්‍යාංශයක ලේකම්වරයා ධුරය දැරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිර ගිය විට හෝ ඒ අමාත්‍යාංශයේ පැවැත්ම නතර වීමේ ප‍්‍රතිඵලය ඇති තීරණයක් 44 වන ව්‍යවස්ථාව හෝ 45 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ විටක හෝ නතර විය යුත්තේ ය.

(4) අමාත්‍යාංශයක ලේකම්වරයා ධුරය දැරීම එසේ නතර වූ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් ඒ ලේකම්වරයා රජයේ සේවයේ වෙනත් යම්කිසි තනතුරකට පත් කරනු ලැබිය හැක්කේ යථ

එසේ වුව ද, ලේකම් ධුරයට පත් කරනු ලබන තෙක් රජයේ සේවයෙහි හෝ පළාත් පාලන සේවයෙහි හෝ යම්කිසි රාජ්‍ය සංස්ථාවක සේවයෙහි යෙදී සිටි තැනැත්තකු ඒ සේවයෙන් තාවකාලිකව මුදා හරිනු ලැබුවාක් සේ සැලකිය යුතු අතර, ලේකම්වරයකු වශයෙන් ධුරය දැරීම නතර වූ විට ඒ තැනැත්තාට ජ්‍යෙෂ්ඨතාවය අහිමිවීමක් නොමැතිව එකී සේවයට ආපසු පැමිණීමට හිමිකම තිබිය යුත්තේ ය.

(5) මේ ව්‍යස්ථාවේ (4) වන අනුව්‍යවස්ථාවේ අතුරු විධානය, අමාත්‍යාංශයක ලේකම්වරයකුට පහත සඳහන් අවස්ථාවලදී, එනම්-

(අ) විනය හේතු මත සේවයෙන් පහ කිරීම නොවන වෙනත් ආකාරයකින් ජනාධිපතිවරයා විසින් ඒ ලේකම්වරයාගේ සේවය අවසාන කළ විටත හෝ

(ආ) ඒ ලේකම්වරයා ඉල්ලා අස්වන දිනයේ දී ඔහුට විරුද්ධව විනය පිළිබඳ කටයුත්තක් විභාගයට භාජනව ඇත්නම් හෝ එය විභාගයට ගැනීමට අදහස් කර ඇත්නම් මිස, ඔහු ඉල්ලා අස් වූ විට,

අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ වන්නේ ය.

(6) ජනාධිපතිවරයාගේ ලේකම් ධුරය හෝ යම්කිසි අමාත්‍යාංශයක ලේකම් ධුරය හෝ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ යම් කිසි ධුරයක් හෝ ඒ ධුර එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ නොකඩවා දරා ඇති කවර වූ හෝ තැනැත්තකු අවසන් වරට දැරූ ධුරය ඔහු විසින් නොකඩවා දැරූ සේ මේ ව්‍යවස්ථාවේ (4) වන සහ (5) වන අනුව්‍යවස්ථාවල කාර්ය සඳහා සැලකිය යුත්තේ ය.

(7) මේ ව්‍යවස්ථාවේ කාර්ය සඳහා –

(අ) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්යාලය ද, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ (ඔම්බුඞ්ස්මන්) කාර්යාලය ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද, මැතිවරණ කොමිෂන් සභාව ද, ජාතික පොලිස් කොමිෂන් සභාව ද, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාගේ කාර්යාලය දත සහ

(ආ) ජාතික විගණන කාර්යාලය ද,

ආණ්ඩුවේ දෙපාර්තමේන්තු නොවන්නාක් සේ සැලකෙන්නේ ය.

නිල ප‍්‍රතිඥාව හෝ දිවුරුම.

53. මේ පරිච්ඡේදයේ දැක්වෙන යම් කිසි ධුරයකට පත් කරනු ලැබූ තැනැත්තකු හතරවන උපලේඛනයේ දැක්වෙන ප‍්‍රතිඥාව දී ඊට අත්සන් තබන තෙක් හෝ දිවුරුම දී ඊට අත්සන් තබන තෙක් හෝ ස්වකීය ධුරයට අයත් කාර්යන්හි නොයෙදිය යුත්තේ ය.’’.

8. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 54 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන

පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

(1) ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්ථ-

,(1) ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන නව දෙනකුට නොවැඩි සාමාජිකයන්ගෙන් සමන්විත (මේ පරිච්ෙඡ්දයේ ,කොමිෂන් සභාව, යනුවෙන් සඳහන් කරනු ලබන) රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් විය යුතු අතර, එකී සාමාජිකයන් අතරින් සාමාජිකයන් තිදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් රජයේ නිලධරයන් වශයෙන් අවුරුදු පහළොවකට වැඩි පළපුරුද්දක් ඇති තැනැත්තන් විය යුත්තා හ. ජනාධිපතිවරයා විසින් ඒ සාමාජිකයන්ගෙන් එක් සාමාජිකයකු එහි සභාපතිවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේ ය.’’.

(2) එ් ව්‍යවස්ථාවේ (4) වන අනුව්‍යවස්ථාවේ ”ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය ඇතිව ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ චරිත ¥ෂණ වරදක් සම්බන්ධව අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවහොත්’’ යන වචන වෙනුවට ”ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ චරිත ¥ෂණ වරදක් සම්බන්ධව අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවහොත්’’ යන වචන ආදේශ කිරීමෙන්ත

(3) ඒ ව්‍යවස්ථාවේ (7) වන අනුව්‍යවස්ථාවේ ”ඒ නිවාඩු කාලය සඳහා තාවකාලික සාමාජිකයකු වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පත් කරනු ලැබිය යුත්තේ ය.’’ යන වචන වෙනුවට ”ඒ නිවාඩු කාලය සඳහා තාවකාලික සාමාජිකයකු වශයෙන් පත් කරනු ලැබිය යුත්තේ ය.’’ යන වචන ආදේශ කිරීමෙන්ග

9. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 56 වන ව්‍යවස්ථාව, එ් ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ ”කොමිෂන් සභාව විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන’’ යන වචන වෙනුවට ”අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන’’ යන වචන ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

10. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 57 වන ව්‍යවස්ථාව, එ් ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ ”කොමිෂන් සභාව විසින් නිශ්චිතව නියම කරන’’ යන වචන වෙනුවට ”අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව නියම කරන’’ යන වචන ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

11. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 61අ ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ ‘‘59 වැනි ව්‍යවස්ථාවේ සහ 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව’’ යන වචන සහ ඉලක්කම් වෙනුවට ”126 වන ව්‍යවස්ථාවේ (1) වන, (2) වන, (3) වන, (4) වන සහ (5) වන ෙඡ්දයන්හි විධිවිධානවලට යටත්ව’’ යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

12. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 61ඉ සහ 61ඊ ව්‍යවස්ථා මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන ව්‍යවස්ථා ආදේශ කරනු ලැබේථ-

”ජනාධිපතිවරයා විසින් කරනු ලබන පත් කිරීම්

61ඉ. ජනාධිපතිවරයා විසින් –

(අ) යුධ හමුදාපතිවරයා, නාවුක හමුදාපතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා පත් කිරීම දත

(ආ) නීතිපතිවරයා පත් කිරීම ද,

කළ යුත්තේ ය.

අර්ථ නිරූපණය

61ඊ. මේ පරිච්ෙඡ්දයේ කාර්ය සඳහා, ‘‘රජයේ නිලධරයා’’ යන්නට යුධ හමුදා, නාවුක හමුදා හෝ ගුවන් හමුදා සාමාජිකයකු හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් පත් කරන ලද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධරයකු හෝ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරන ලද උපලේඛනගත රජයේ නිලධරයකු ඇතුළත් නොවන්නේ ය.’’.

13. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 65 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

(1) ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්ථ-

”(1) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයෙක් වන්නේ ය. මහ ලේකම්වරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේ ය. මහ ලේකම්වරයා යථා පැවැත්මෙන් සිටිනා තාක් ස්වකීය ධුරය දරන්නේ ය.,ත

(2) ඒ ව්‍යවස්ථාවේ (6) වන අනුව්‍යවස්ථාව ඉවත්කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්ථ-

‘‘(6) මහ ලේකම්වරයාට සිය ධුරයේ කටයුතු ඉටු කිරීමට නොහැකි වූ විට මහ ලේකම්වරයා වෙනුවෙන් වැඩ බැලීමට තැනැත්තකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.,.

14. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

”(1) ජනාධිපතිවරයා විසින් කලින් කල ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ යථ

එසේ වුව ද –

(අ) (ඈ) වන ෙඡ්දයේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මහ මැතිවරණයක් පවත්වනු ලැබ ඇති විට ඉන් ඉක්බිතිව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව ඉල්ලා සිටියහොත් මිස, ඒ මහ මැතිවරණය පැවැත්වූ දින සිට එක් අවුරුද්දක කාලසීමාවක්් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේ ය ත

(ආ) මහ මැතිවරණයකින් ඉක්බිතිව පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළමුවන වාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරනු ලැබූ විටක දී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේ යත

(ඇ) (ඈ) ෙඡ්දයේ විධිවිධානවලට යටත්ව, 38 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ (අ) හා (ආ) ෙඡ්දවල නියමයන්ට අනුකූල වන යෝජනා සම්මතයක් කථානායකවරයා විසින් භාර ගැනීමෙන් පසුව-

:ස) ඒ යෝජනා සම්මතය 38 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ (ඇ) ෙඡ්දයෙහි නියමිත පරිදි සම්මත නොවුවහොත් මිස;

:සස) ස්වකීය ධුරයට අයත් කාර්ය ඉටු කිරීමට නියත වශයෙන් ම නොහැකි තත්ත්වයකට ජනාධිපතිවරයා පත්ව නැතැයි හෝ ඒ යෝජනා සම්මතයේ ඇතුළත් වෙනත් කිසිම චෝදනාවකටවත් ජනාධිපතිවරයා වරදකරු වී නැතැයි හෝ ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චයකර වාර්තා කළහොත් මිස;

:සසස) ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද එකී යෝජනා සම්මතය 38 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ (ඉ) ෙඡ්දයේ නියමිත පරිදි සම්මත නොවුවහොත් මිසත හෝ

:සඩ) පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස,

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේ යත

(ඈ) පාර්ලිමේන්තුව විසින් විසර්ජන පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කරනු ලැබීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු නොලැබූ අවස්ථාවක ඊළ`ග විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ ය.”

15. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

(1) ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්ථ-

”(1) සෑම පනත් කෙටුම්පතක්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට යටත් පිරිසෙයින් දවස් හතකට පෙර ගැසට් පත‍්‍රයේ පළ කළ යුත්තේ ය.”ත සහ

(2) ඒ ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවට ඉක්බිතිව ම පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ඇතුළත් කිරීමෙන්ථ-

”(3) පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුව තුළ දී යෝජනා කරනු ලබන යම් සංශෝධනයක් ඒ පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්මවලට පරිබාහිර සංශෝධනයක් නොවිය යුත්තේ ය.”

16. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 85 වන ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවට ඉක්බිතිව ම පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ඇතුළත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

”(2) පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් පරිච්ýන්න කිරීම හෝ සංශෝධනය කිරීම හෝ සඳහා වූ පනත් කෙටුම්පතක් නොවන නැතහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් නොවන එසේත් නැතහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිච්ýන්න කොට ඒ වෙනුවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ප‍්‍රතියෝජනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් නොවන හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි විධිවිධානයකට අනනුකූල පනත් කෙටුම්පතක් නොවන) පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයා විසින් ස්වකීය අභිමතය පරිදි ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේ ය.”.

17. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (ඈ) ෙඡ්දය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

(1) ඒ ෙඡ්දයේ :ඩ) වන, :ඩඅ) වන සහ :ඩඇ) වන අයිතම ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අයිතම ආදේශ කිරීමෙන්ථ-

”:ඩ) මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, :ඩඅ) මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු, :ඩආ) ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු,”ත

(2) ඒ ෙඡ්දයේ :ඩසස) වන අයිතමයේ ”යම් ධුරයක් දරන්නා වූ රජයේ නිලධරයෙක් හෝ ශ‍්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාමාජිකයෙක්” යන වචන වෙනුවට ”යම් ධුරයක් දරන්නා වූ රජයේ නිලධරයෙක්” යන වචන ආදේශ කිරීමෙන්ත

(3) ඒ ෙඡ්දයේ :ඩසසස) වන අයිතමයේ ”යම් ධුරයක් දරන්නා වූ, රජයේ නිලධරයෙක් හෝ ශ‍්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාමාජිකයෙක්” යන වචන වෙනුවට ”යම් ධුරයක් දරන්නා වූ රජයේ නිලධරයෙක්” යන වචන ආදේශ කිරීමෙන්ත සහ

(4) ඒ ෙඡ්දයේ :ංසසස) වන අයිතමය ඉවත් කිරීමෙන්.

18. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 92 වන ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (අ) ෙඡ්දයේ ”තිස්පහ” යන වචනය වෙනුවට ”තිහ” යන වචනය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

19. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 103 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

(1) ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්ථ-

”(1) (මේ පරිච්ෙඡ්දයේ ”කොමිෂන් සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) මැතිවරණ කොමිෂන් සභාවක් තිබිය යුත්තේ ය. කොමිෂන් සභාව, යම් වෘත්තීන්හි හෝ පරිපාලන හෝ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල විශිෂ්ටතා හිමිකරගෙන සිටින තැනැත්තන් අතුරෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය. ඔවුන් අතුරෙන් එක් සාමාජිකයකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේ ය.”ත

(2) ඒ ව්‍යවස්ථාවේ (7) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්ථ-

”(7) ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ සාමාජිකයකුට කොමිෂන් සභාවට අදාළ ඔහුගේ රාජකාරි කටයුතුවලින් මාස දෙකක් නොඉක්මවන කාලයක් සඳහා රාජකාරි නිවාඩු දෙනු ලැබිය හැකි අතර, කොමිෂන් සභාවේ සාමාජිකයකු වීමට සුදුසුකම් ඇති තැනැත්තකු ඒ නිවාඩු කාලසීමාව සඳහා කොමිෂන් සභාවේ තාවකාලික සාමාජිකයකු වශයෙන් පත් කරනු ලැබිය හැක්කේ ය.”.

20. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104ආ ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

(1) ඒ ව්‍යවස්ථාවේ (4)(අ) අනුව්‍යවස්ථාවේ (ස) වන ෙඡ්දයේ ”තර`ග කරන යම් අපේක්ෂකයකු හෝ යම් දේශපාලන පක්ෂයක් හෝ” යන වචන වෙනුවට ”තර`ග කරන යම් අපේක්ෂකයකු හෝ යම් දේශපාලන පක්ෂයක් හෝ” යන වචන ආදේශ කිරීමෙන්ත

(2) ඒ ව්‍යවස්ථාවේ (4) වන අනුව්‍යවස්ථාවට ඉක්බිතිව ම පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ඇතුළත් කිරීමෙන්ථ-

,(4අ) කොමිෂන් සභාව විසින්, අවස්ථාවෝචිත පරිදි, මැතිවරණයක් පැවැත්වීම සඳහා නියමයක් කරනු ලබන දිනය සමඟ හෝ ජනමත විචාරණයක් පැවැත්වීම නියම කරමින් ප‍්‍රකාශනයක් කරනු ලබන දිනය සමඟ හෝ ආරම්භ වන කාල පරිච්ෙඡ්දය තුළ නිකුත් කරනු ලබන යම් උපමාන-

(අ) අවස්ථාවෝචිත පරිදි, අදාළ මැතිවරණය පැවැත්වීම සමඟ හෝ අදාළ ජනමත විචාරණය පැවැත්වීම සමඟ හෝ ඍජුව සම්බන්ධ වූ කාරණාවලට පමණක් සීමා විය යුතු බවත සහ

(ආ) රාජ්‍ය සේවයට අදාළ යම් කාරණයකට හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කරනු ලැබූ, අවස්ථාවෝචිත පරිදි, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ පරිපාලන සීමාව ඇතුළත වූ යම් කාරණයකට හෝ ඍජුව සම්බන්ධ නොවිය යුතු බව,

සැක දුරුකිරීම සඳහා මෙයින් සඳහන් කරනු ලැබේ.”ත

(3) ඒ ව්‍යවස්ථාවේ (5)(ආ) අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්ථ-

,(ආ) යම් ගුවන්විදුලි සේවයක් හෝ රූපවාහිනී සේවයක් පවත්වාගෙන යන්නකු හෝ යම් ප‍්‍රවෘත්ති පත‍්‍රයක අයිතිකරුවකු නැතහොත් ප‍්‍රකාශකයකු හෝ විසින් (අ) ෙඡ්දය යටතේ ඔවුන් වෙත නිකුත් කරනු ලැබූ යම් උපමාන පිළිපැදීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගැනීම, අවස්ථාවෝචිත පරිදි, එකී ගුවන්විදුලි සේවය හෝ රූපවාහිනී සේවය පවත්වාගෙන යන්නාගේ හෝ ප‍්‍රවෘත්ති පත‍්‍රයේ අයිතිකරුගේ නැතහොත් ප‍්‍රකාශකයාගේ හෝ කාර්යය වන්නේ ය.”ග

21. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104ඉ ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

,(1) මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙක් සිටිය යුත්තේ ය. ඒ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු නියම සහ කොන්දේසි මත කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබිය යුත්තේ ය.”.

22. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104උඋ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

23. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

”(1) අග‍්‍ර විනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක් ද ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත‍්‍රයක් මගින් පත් කරනු ලබන්නා හ.”.

24. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 109 වන ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරනු ලැබේථ-

109. (1) රෝගාතුර වීම නිසා හෝ ශ‍්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස්වකීය ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට අග‍්‍ර විනිශ්චයකාරවරයා හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා හෝ තාවකාලික අපොහොසත් වේ නම්, එම කාලසීමාව තුළ පිළිවෙළින් අග‍්‍ර විනිශ්චයකාර ධුරයේ හෝ අභියාචනාධිකරණයේ සභාපති ධුරයේ හෝ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් අවස්ථාවෝචිත පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ නැතහොත් අභියාචනාධිකරණයේ වෙනත් විනිශ්චයකාරවරයකු පත් කළ යුත්තේ ය.

(2) රෝගාතුර වීම නිසා හෝ ශ‍්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස්වකීය ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයකු හෝ අභියාචනාධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයකු හෝ තාවකාලිකව අපොහොසත් වේ නම්, ඒ කාලසීමාව තුළ අවස්ථාවෝචිත පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් හෝ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් හෝ වැඩ බැලීම සඳහා වෙනත් තැනැත්තකු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය හැක්කේ ය.”ග

25. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 111ඈ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරනු ලැබේ:-

111ඈ. (1) (මේ පරිච්ෙඡ්දයෙහි ”කොමිෂන් සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) අධිකරණ සේවා කොමිෂන් සභාවක් වන්නේ ය. කොමිෂන් සභාව අග‍්‍ර විනිශ්චයකාරවරයාගෙන් සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිශ්චයකාරවරයන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේ ය.

(2) අග‍්‍ර විනිශ්චයකාරවරයා කොමිෂන් සභාවේ සභාපතිවරයා විය යුත්තේ ය.”.

26. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 111ඉ ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (5) වන සහ (6) වන අනුව්‍යවස්ථා ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථා ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

”(5) ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ යම් සාමාජිකයකුට, ඔහුගේ කාර්යයන්ගෙන් නිවාඩු දෙනු ලැබිය හැකි අතර, එසේ නිවාඩු දෙන ලද කාලසීමාව සඳහා කොමිෂන් සභාවේ තාවකාලික සාමාජිකයකු වීමට, කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලැබීම සඳහා සුදුසුකම් ඇති තැනැත්තකු, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය හැක්කේ ය.

(6) ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ කවර වූ හෝ සාමාජිකයකු හේතු දක්වා ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැක්කේ ය.”.

27. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව ම පහත දැක්වෙන අලූත් ව්‍යවස්ථාව මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 122 වන ව්‍යවස්ථාව ලෙස බලපැවැත්විය යුතු ය:-

122. (1) අමාත්‍ය මණ්ඩලයේ අදහස අනුව ජාතියේ හිත පිණිස වහා අවශ්‍ය වන්නා වූ ද ඒ බවට අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාගේ අත්සන ඇති සටහනක් දරන්නා වූ ද පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන්-

(අ) මේ ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, 78 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සහ 121 වන ව්‍යවස්ථාවේ විධිවිධාන අදාළ නොවන්නේ යත

(ආ) ඒ පනත් කෙටුම්පත හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූුල ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ තීරණය අග‍්‍ර විනිශ්චයකාරවරයා අමතා යවන ලිඛිත යොමු කිරීමක් මගින් ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටිය යුත්තේ ය. ඒ යොමු කිරීමේ පිටපතක් ඒ අවස්ථාවේ දී ම කථානායකවරයා වෙත භාර දිය යුත්තේ යත

(ඇ) ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවනු ලැබ පැය විසිහතරක් ඇතුළත (හෝ ජනාධිපතිවරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි දවස් තුනක් නොඉක්මවන ඊට වැඩි කාලයක් ඇතුළත) ඒ අධිකරණය විසින් ස්වකීය තීරණයට එළඹිය යුත්තේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීරණය ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට පමණක් දැනුම් දිය යුත්තේ ය.

(2) 121 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ පනත් කෙටුම්පතට අදාළ වන්නේ ය.

(3) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් විධිවිධානයක් සංශෝධනය කිරීම, පරිච්ýන්න කිරීම සහ ප‍්‍රතියෝජනය කිරීම, වෙනස් කිරීම හෝ එකතු කිරීම පිණිස වූ හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරිච්ýන්න කිරීම සහ ප‍්‍රතියෝජනය කිරීම පිණිස වූ යම් පනත් කෙටුම්පතකට මේ ව්‍යවස්ථාවේ විධිවිධාන අදාළ නොවිය යුත්තේ ය.”.

28. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 123 වන ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවට ඉක්බිතිවම පහත දැක්වෙන අලූත් අනුව්‍යවස්ථාව ඇතුළත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

”(3) 122 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති පරිදි සටහනක් කරන ලද පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් වූ විට, ඒ පනත් කෙටුම්පත හෝ පනත් කෙටුම්පතේ යම් විධිවිධානයක් හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ද යන සැකයක් ශ්‍රේෂ්ඨාධිකරණය පළ කළහොත් ඒ පනත් කෙටුම්පත හෝ පනත් කෙටුම්පතේ එම විධිවිධානය හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යයි තීරණය කරනු ලැබුවාක් සේ සලකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ ව්‍යවස්ථාවේ (1) වන සහ (2) වන අනුව්‍යවස්ථාවල විධිවිධාන අනුව ක‍්‍රියා කළ යුත්තේ ය.”.

29. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 124 වන ව්‍යවස්ථාව, එහි ”120 වැනි සහ 121 වැනි ව්‍යවස්ථාවල විධිවිධාන සලසා ඇති පරිදි” යන වචන සහ ඉලක්කම් වෙනුවට ”120 වන, 121 වන සහ 122 වන ව්‍යවස්ථාවල විධිවිධාන සලසා ඇති පරිදි” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

30. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 134 වන ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ ”121 වැනි, 125 වැනි,” යන වචන සහ ඉලක්කම් වෙනුවට ”121 වන, 122 වන, 125 වන,” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

31. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

(1) ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-

”(1) විගණකාධිපතිවරයෙක් වන්නේ ය. විගණකාධිපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නේ ය. විගණකාධිපතිවරයා යථා පැවැත්මෙන් සිටින තාක් ස්වකීය ධුරය දරන්නේ ය.”ත

(2) ඒ ව්‍යවස්ථාවේ (4) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-

”(4) විගණකාධිපතිවරයාට සිය ධුරයෙහි කාර්ය ඉටු කිරීමට නොහැකි වූ විට විගණකාධිපතිවරයා වෙනුවෙන් වැඩ බැලීමට තැනැත්තකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.”.

32. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153අ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

33. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153ආ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

34. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153ඇ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

35. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153ඈ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

36. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153ඉ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

37. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153ඊ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

38. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153උ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

39. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153ඌ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

40. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

(1) ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-

”(1) විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලූම දෙපාර්තමේන්තුවල ගිණුම් ද, අමාත්‍ය මණ්ඩලයේ කාර්යාලයේ, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේ, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලවල, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලයේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පළාත් පාලන ආයතන කාර්යාලවල, රාජ්‍ය සංස්ථා කාර්යාලවල ගිණුම් ද සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙළෙඳ ව්‍යාපාරවල හෝ වෙනත් ව්‍යාපාරවල ගිණුම් ද විගණනය කළ යුත්තේ ය.”;

(2) ඒ ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ ”(1) වන අනුව්‍යවස්ථාවේ සඳහන් රාජ්‍ය සංස්ථාව, වෙළෙඳ ව්‍යාපාරය, වෙනත් ව්‍යාපාරය හෝ සමාගම” යන වචන හා ඉලක්කම යෙදෙන කවර හෝ තැනක ඒ වචන හා ඉලක්කම වෙනුවට ”රාජ්‍ය සංස්ථාව, වෙළෙඳ ව්‍යාපාරය හෝ වෙනත් ව්‍යාපාරය” යන වචන ආදේශ කිරීමෙන්ත

(3) ඒ ව්‍යවස්ථාවේ (5) වන අනුව්‍යවස්ථාවේ (ආ) ෙඡ්දයේ ”රාජ්‍ය සංස්ථාව හෝ වෙළෙඳ ව්‍යාපාරයක, වෙනත් ව්‍යාපාරයක හෝ (1) වන අනුව්‍යවස්ථාවේ සඳහන් සමාගමක” යන වචන සහ ඉලක්කම යෙදෙන කවර හෝ තැනක ඒ වචන හා ඉලක්කම වෙනුවට ”රාජ්‍ය සංස්ථාව, වෙළෙඳ ව්‍යාපාරය හෝ වෙනත් ව්‍යාපාරය” යන වචන ආදේශ කිරීමෙන්ත සහ

(4) ඒ ව්‍යවස්ථාවේ (9) වන අනුව්‍යවස්ථාව ඉවත් කිරීමෙන්.

41. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154ජ ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (ඇ) ෙඡ්දය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ෙඡ්දය ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

”(ඇ) එක් එක් තැනැත්තා මූල්‍ය, නීති, පරිපාලන, ව්‍යාපාර හෝ ශාස්ත‍්‍රීය ක්ෂේත‍්‍රවල කැපී පෙණුනු හෝ උසස් නිලතල දැරූ හෝ තැනැත්තන් විය යුතු වූ ද ප‍්‍රධාන ජන වර්ග තුන නියෝජනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන්නා වූ ද වෙනත් සාමාජිකයන් තිදෙනෙක්.”.

42. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155අ ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

(1) එ් ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-

”(1) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් හත්දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත (මේ පරිච්ෙඡ්දයේ ”කොමිෂන් සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික පොලිස් කොමිෂන් සභාවක් තිබිය යුත්තේ ය. ජනාධිපතිවරයා විසින්, එක් සාමාජිකයකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.”ත සහ

(2) ඒ ව්‍යවස්ථාවේ (4) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්:-

”(4) කොමිෂන් සභාවේ සෑම සාමාජිකයකු ම, මේ ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව යටතේ යම් නුසුදුසුකමකට පත් වුවහොත් හෝ ජනාධිපතිවරයා අමතා යවන ලිපියක් මගින් තම ධුරයෙන් කලින් ඉල්ලා අස්වුවහොත් හෝ ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ චරිත ¥ෂණ වරදක් සම්බන්ධයෙන් අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවහොත් හෝ ඔහු විෂයයෙහි අශක්නුතා නියම කිරීමේ යෝජනා සම්මතයක් 81 වන ව්‍යවස්ථාවට අනුකූලව සම්මත කරනු ලැබ ඇත්නම්, හෝ මේ ව්‍යවස්ථාවේ (6) වන අනුව්‍යවස්ථාව යටතේ ඔහු සිය ධුරය හැර ගියාසේ සලකනු ලබන්නේ නම් හෝ මිස, එවැනි සාමාජිකයකු වශයෙන් ඔහු පත් කරනු ලැබූ දින සිට අවුරුදු තුනක කාලයක් ධුරය දැරිය යුත්තේ ය.”.

43. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155ආ ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (5) වන අනුව්‍යවස්ථාව ඉවත් කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

44. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155ඇ ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ ”126 වන ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා දී ඇති බලයට යටත්ව සහ 155ඔ ව්‍යවස්ථාව මගින් පරිපාලනය අභියාචන විනිශ්චය අධිකාරිය වෙත ප‍්‍රදානය කොට ඇති බලතලවලට යටත්ව” යන වචන සහ ඉලක්කම් වෙනුවට ”126 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවෙන් ශේ්‍්‍රෂ්ඨාධිකරණයට පවරා දී ඇති බලයට යටත්ව” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

45. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155ඊ ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ ”කොමිෂන් සභාවේ හෝ එහි යම් කමිටුවක හෝ මේ පරිච්ෙඡ්දය යටතේ කොමිෂන් සභාව විසින් එසේ බලය පවරනු ලැබූ යම් පොලිස් නිලධරයකුගේ හෝ යම් තීරණයකට කෙලින්ම හෝ වක‍්‍රාකාරයෙන් තමා විසින්ම හෝ වෙනත් තැනැත්තකු විසින් හෝ වෙනත් යම් තැනැත්තකු සම`ග කවර වුව ද ආකාරයකින් බලපෑම් කරන හෝ බලපෑම් කිරීමට තැත්කරන හෝ අයුතු ලෙස මැදිහත් වන හෝ කොමිෂන් සභාවේ හෝ එහි යම් කමිටුවක සාමාජිකයකු වෙත හෝ එසේ බලය පවරන ලද යම් පොලිස් නිලධරයකු වෙත එසේ බලපෑම් කරන හෝ කිරීමට තැත්කරන සෑම තැනැත්තකුම වරදකට වරදකරු වන අතර” යන වචන වෙනුවට ”කොමිෂන් සභාවේ හෝ එහි යම් කමිටුවක හෝ යම් තීරණයකට කෙළින්ම හෝ වක‍්‍රාකාරයකින් හෝ තමා විසින්ම හෝ වෙනත් යම් තැනැත්තකු විසින් හෝ වෙනත් යම් තැනැත්තකු සම`ග කවර වුවද ආකාරයකින් බලපෑම් කරන හෝ බලපෑම් කිරීමට තැත් කරන හෝ අයුතු ලෙස මැදිහත් වන හෝ, කොමිෂන් සභාවේ හෝ එහි යම් කමිටුවක සාමාජිකයකු වෙත එසේ බලපෑම් කරන හෝ කිරීමට තැත් කරන සෑම තැනැත්තකුම වරදකට වරදකරු වන අතර” යන වචන ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

46. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155ඊ ව්‍යවස්ථාවට

ඉක්බිතිව ම පහත දැක්වෙන අලූත් ව්‍යවස්ථාව ඇතුළත් කරනු ලබන අතර, එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155ඊඊ ව්‍යවස්ථාව ලෙස බලපැවැත්විය යුතු ය:-

155ඊඊ. පොලිස් නිලධරයකුට හෝ පොලිස් බලකායට එරෙහිව ජනතා සාමාජිකයන්ගෙන් හෝ අතෘප්තියට පත් යම් තැනැත්කුගෙන් හෝ ලැබෙන පැමිණිලි භාරගැනීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවට බලතල ලබාදිය යුතු අතර, පාර්ලිමේන්තුව මගින් පනවන ලද යම් නීතියක විධිවිධානවලට අනුකූලව ඒ සම්බන්ධයෙන් සහන සැලසිය යුතු වන්නේ ය. මේ කාර්යය සඳහා කොමිෂන් සභාව විසින්, ජනතා සාමාජිකන්ගෙන් හෝ යම් අතෘප්තියට පත් තැනැත්තකුගෙන් ලැබෙන පැමිණිලි භාරගැනීම සඳහා සහ විමර්ශනය කිරීම සඳහා කාර්ය පටිපාටි ස්ථාපිත කිරීමට රීති සාදනු ලැබිය හැකි වන්නේ ය.”.

47. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155උ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

48. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155ඌ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

49. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155එ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

50. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155ඒ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

51. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155ඔ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලැබේ.

52. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155 ඕ ව්‍යවස්ථාව මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරනු ලැබේ:-

155 ඕ. මේ ව්‍යවස්ථාව ආරම්භ වන දිනයේ දී පොලිස් නිලධරයන්ට අදාළව බලාත්මකව පවතින සියලූ රීති, නියෝග සහ කාර්ය පටිපාටි, මෙය යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් රීති, නියෝග සහ කාර්ය පටිපාටි සාදනු ලබන තෙක්, නොකඩවා බලාත්මකව පැවතිය යුත්තේ ය.”.

53ග ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 156 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේථ-

(1) ඒ ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව

ආදේශ කිරීමෙන් ථ-

”(2) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේයග ඒ කොමසාරිස්වරයා යථා පැවැත්මෙන් සිටින තාක් ස්වකීය ධුරය දැරිය යුත්තේය.”ත

(2) ඒ ව්‍යවස්ථාවේ (5) වන අනුව්‍යවස්ථාව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අනුව්‍යවස්ථාව ආදේශ කිරීමෙන්ථ-

”(5) පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයාට සිය ධුරයෙහි කාර්ය හා කර්තව්‍ය ඉටුකිරීමට නොහැකි වූ කවර හෝ විටෙක ඒ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා වෙනුවෙන් වැඩබැලීමට තැනැත්තකු ජනාධිපතිවරයා විසින්ල පත් කළ යුත්තේය.”ත

54ගආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඞෂඞඅ වන පරිච්ෙඡ්දය (156අ ව්‍යවස්ථාව) මෙයින් ඉවත් කරනු ලැබේග

55. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේඞෂඞආ පරිච්ෙඡ්දය (156ආ ව්‍යවස්ථාවේ සිට 156ඌ ව්‍යවස්ථාව දක්වා) මෙයින් ඉවත් කරනු ලැබේ.

56. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 170 වන ව්‍යවස්ථාව, එහි ”රජයේ නිලධරයා” යන යෙදුමේ අර්ථ නිරූපණය ඉවත්කර ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපණය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

”රජයේ නිලධරයා” යන්නෙන්, අධිකරණ නිලධරයකු හැර ජනරජය යටතේ වැටුප් ලබන ධුරයක් දරන තැනැත්තෙක් අදහස් වේ; එහෙත් ඊට-

(අ) ජනාධිපතිවරයා; (ආ) කථානායකවරයා; (ඇ) 44 වන ව්‍යවස්ථාව හෝ 45 ව්‍යවස්ථාව යටතේ පත්කරනු ලැබූ අමාත්‍යවරයෙක්; (ඈ) මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක්; (ඉ) ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙක්; (ඊ) මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා; (උ) මැතිවරණ කොමිෂන් සභාව විසින්, මැතිවරණ කොමිෂන් සභාවට පත් කරනු ලැබූ නිලධරයන්; (ඌ) අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක්ත (එ) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක්ත (ඒ) නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ත (ඔ) පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ත ( ඕ) පාර්ලිමේන්තු මහ ලේකම්වරයාත (ක) ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක්ත (ග) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක්, ඇතුළත් නොවන්නේ ය.

57. (1) මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුවම වූ දිනයේ දී-

:ස) අග‍්‍රවිනිශ්චයකාරවරයා; :සස) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්; :සසස) අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්; :සඩ) අභියාචනාධිකරණයේ සභාපතිවරයා; :ඩ) අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්; :ඩස) නීතිපතිවරයා; :ඩසස) විගණකාධිපතිවරයා; :ඩසසස) පොලිස්පතිවරයා; :සං) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මන්)ත :ං) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාත :ංස) මහාධිකරණයේ විනිශ්චයකාරවරයන්ත හෝ :ංසස) අධිකරණ නිලධරයන්, උපලේඛනගත රජයේ නිලධරයන්, රජයේ නිලධරයන් හෝ පොලිස් නිලධරයන්, වශයෙන් ධුර දරන සෑම තැනැත්තකු ම ඔහු කලින් ඉල්ලා අස්වුවහොත්, මියගිය හොත් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් මිස, තවදුරටත් එම ධුර දරනු ලැබිය යුතු අතර, එම නියම හා කොන්දේසි යටතේ එම ධුරයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කරනු ලැබිය යුතු වන්නේ ය.

(2) මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු ලෙස ධුර දරන සෑම තැනැත්තකු ම මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ධුර දැරීම අවසන් කළ යුත්තේ ය:

එසේ වුවද, ඒ තැනැත්තා, ඔහු කලින් ඉල්ලා අස්වුවහොත්, මියගිය හොත් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් මිස, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඪෂෂඅ වන පරිච්ෙඡ්දයට අනුකූලව පාර්ලිමේන්තු සභාව ස්ථාපනය කරනු ලබන දිනය තෙක් තම ධුරයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම දිගටම කරනු ලැබිය යුතු වන්නේ ය.

(3) මෙම පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී-

(අ) මැතිවරණ කොමිෂන් සභාවේ; (ආ) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ; (ඇ) ජාතික පොලිස් කොමිෂන් සභාවේ; (ඈ) ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ; (ඉ) අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ; (ඊ) මුදල් කොමිෂන් සභාවේ; සහ (උ) සීමා නීර්ණය කොමිෂන් සභාවේ,

සභාපතිවරයා හෝ සාමාජිකයකු ලෙස ධුර දරන සෑම තැනැත්තකුම, ඔහු කලින් ඉල්ලා අස්වුවහොත්,

මිය ගියහොත් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් මිස, ඪෂෂඅ පරිච්ෙඡ්දයට අනුකූලව ඒ අදාළ කොමිෂන් සභා ස්ථාපිත කරනු ලබන දිනය තෙක් තම අදාළ ධුරවල බලතල, කාර්ය සහ කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම දිගටම කරගෙන යනු ලැබිය යුත්තේ ය.

(4) මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී-

(අ) විගණන සේවා කොමිෂන් සභාවේ; සහ (ආ) ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ,

සභාපතිවරයා හෝ සාමාජිකයකු ලෙස ධුර දරන සෑම තැනැත්තකුම මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ධුර දැරීම අවසන් කළ යුත්තේ ය:

එසේ වුවද, ඒ තැනැත්තා, ඔහු කලින් ඉල්ලා අස්වුවහොත්, මියගිය හොත් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් මිස, මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව ම වන දින වන විට සිදු කරමින් පවතින හෝ සම්පූර්ණ කරනු නොලැබූ කාර්යයන් සහ කර්තව්‍යයන් ක‍්‍රියාත්මක කිරීමේ සහ ඉටු කිරීමේ කාර්යය සඳහා මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට මාස හයක කාල සීමාවක් සඳහා තම ධුරයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක‍්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම දිගටම කරනු ලැබිය යුත්තේ ය.

(5) (4) වන උපවගන්තියෙහි විධිවිධානවල කුමක් සඳහන් වුව ද –

(අ) මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුවම වූ දිනයේ දී විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් හෝ ඊට එරෙහිව හෝ පවරනු ලැබ, විනිශ්චයට භාජනය වෙමින් පවත්නා සියලූ නඩු, පැමිණිලි, නඩු පැවරීම්, නීති කෘත්‍ය, කාරණා හෝ දේ මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට බලපැවැත්වෙන පරිදි රජය විසින් හෝ රජයට එරෙහිව පවරනු ලැබූ නඩු, පැමිණිලි, නඩු පැවරීම්, නීති කෘත්‍ය, කාරණා හෝ දේ ලෙස සලකනු ලැබිය යුතු යත

(ආ) මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට බලපැවැත්වෙන පරිදි යම් අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරියක් හෝ වෙනත් මණ්ඩලයක් විසින් යම් නඩුවක දී, කාරණයක දී, නීති කෘත්‍යයක දී හෝ වෙනත් දෙයක දී විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව වෙනුවෙන් හෝ ඒවාට එරෙහිව දෙන ලද යම් තීන්දු ප‍්‍රකාශයක්, නියෝගයක් හෝ ප‍්‍රදානයක් රජය වෙනුවෙන් හෝ රජයට විරුද්ධව දෙන ලද තීන්දු ප‍්‍රකාශයක්, නියෝගයක් හෝ ප‍්‍රදානයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව බලාත්මක කරනු ලැබිය යුතු යත

(ඇ) මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුවම වූ දිනයේ දී විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව සතු වන සියලූ චංචල සහ නිශ්චල දේපළ මේ පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට බලපැවැත්වෙන පරිදි රජය සතු විය යුතු අතර, ඒ දේපළ රජයේ දේපළ ලෙස සලකනු ලැබිය යුතු ය.

(6) මේ පනත ක‍්‍රියාත්මක වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී විගණන සේවා කොමිෂන් සභාව ඉදිරියේ පවත්නා ශ‍්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාමාජිකයන්ගේ පත් කිරීම්, උසස්වීම්, මාරු කිරීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම් පිළිබඳ සියලූ කාරණා එම දිනයේ සිට බලපවත්වන පරිදි, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒවා සම්බන්ධයෙන් තීරණය කරනු ලැබිය යුත්තේ ය.

(7) මේ පනත ක‍්‍රියාත්මක වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී ජාතික පොලිස් කොමිෂන් සභාව ඉදිරියේ නොවිසඳී පවත්නා-

(අ) පොලිස් නිලධරයන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම් සම්බන්ධ සියලූ කාරණා; සහ

(ආ) පොලිස් නිලධරයන් විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද සියලූ අභියාචනා,

එම දිනයේ සිට බලාත්මක වන පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය යුත්තේ ය.

58. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

Related posts