2020 IPL එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අයි.පි.එල් පාලක මණ්ඩලය සඳහන් කර තිබේ.

එහි සභාපති බ්‍රිජේස් පටෙල් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළ නිල නිවේදනයක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක්ම පවත්වා ඇති අතර අවසන් සාකච්ඡාවෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව ඔහු පවසා ඇත.

Related posts

Leave a Comment