මහකනදරාව ගොවි පවුල් ගමන් කරනා ප්‍රධාන මාර්ගය අබලන්

මහකනදරාව ගොවි පවුල් ගමන් කරනා ප්‍රධාන මාර්ගය අබලන්

මිහින්තලය මහකනදරාව වැව් බැම්ම මතින් මහකනදරාව වම් ඉවුර හා දකුණු ඉවුර වෙත දිවෙන ගොවි පවුල් ඇතුළු දස දහසක් පමණ ගමන් කරනා ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන්ව ඇති හෙයින් එම මාර් ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදීමට කටයුතු කරනා ලෙස ගම්මාන රැසක ජනතාව වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බණ්ඩාරනායක හංදියේ සිට…

බස් රථයක් ඇළකට පෙරලී ගමන් ගත් 22 ක් රෝහල්ගත කරයි

බස් රථයක් ඇළකට පෙරලී ගමන් ගත් 22 ක් රෝහල්ගත කරයි

පොලොන්නරුව ,පුලස්තිපුර පොලිස් වසමට අයත් කෑගලුගම ප්‍රදේශයේ දී  ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථයක් ඇළකට පෙරලී එහි ගමන් ගත් සේවිකාවන් ඇතුළු 22 ක් තුවාල ලබා රෝහල්ගත කළ බව පුළස්තිපුර පොලිසිය කියයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පුලස්තිගම ප්‍රදේශයේ පවත්වාගෙනයනු ලබන ඇගළුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකි.එය ගිරිතලේ ප්‍රදේශයේ සිට පුලස්තිගම දක්වා ධාවනය වෙමින්…

වාසුටත් කොරෝනා

වාසුටත් කොරෝනා

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වෙයි. මේ අතරශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රාසයේ නායක රවුෆ් හකීම් මහතාට කොරෝනා වැළදී තිබෙන බවට තහවුරු විය.

දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට

දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග දික්ඔය මුලීක රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු පිරිසක් 10වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇත. හැටන් වටරවුම් ප්‍රදේශයේ හා හැටන් දුඹුරු ගිරිය ප්‍රදේශයේ මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවත්…

සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම හොද මට්ටමක

සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම හොද මට්ටමක

නව වර්ෂයේ පාසල් ආරම්භ කිරිම අද 11වන දින සිදුවු අතර එම පාසල් ආරම්භයත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම හොද මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 150ක් පවතින බවත් එයින් පාසල් 149ක් අද…

දෙමටගොඩ නිදහස් වෙද්දි බොරැල්ලේ පොලිස් වසම් තුනක් හුදකලා වෙයි

දෙමටගොඩ නිදහස් වෙද්දි බොරැල්ලේ පොලිස් වසම් තුනක් හුදකලා වෙයි

බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, 24 වත්ත (ගෝතමීපුර), 78 (ගෝතමීපුර) යන ප්‍රදේශ මෙසේ හුදකලා කෙරේ. මේ අතර කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් අද(11) උදෑසන…

රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු තරුණයෝ විදිහට ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක්

රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු තරුණයෝ විදිහට ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක්

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ වි‍රැකියා ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙමින් පවතින බවත්  විදේශ ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ගන්නා උත්සාහය හා සමානව අලුත් ‍රැකියා අවස්ථා ලබා ගැනීමේ උත්සාහයකත් රජය යෙදෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ග්‍රාමීය යටිතල පහසුකම්…

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක් වසාදමයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක් වසාදමයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක සේවයේ නියුතුවූ මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ ආචාර් යවරයෙකුගේ ආශ්‍රීතයන් සිවුදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරුවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසදැමීමට  පියවර ගෙන තිබේ. උසස් පෙළ තාක්ෂනවේදය සදහා විද්‍යාව විෂය පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානය මෙසේ වසාදමා ඇති අතර ඒ හේතුවෙන් තවත් පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථාන පහක…

මධ්‍යම කදුකරයේ කාලගුණය අයහපත්

මධ්‍යම කදුකරයේ කාලගුණය අයහපත්

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයේ විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන්ද පවති. හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බැවින් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්ද පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග…