මොඩර්නා එන්නත ලබාදීම කැලිෆෝනියා ප්‍රාන්තය අත්හිටුවයි

මොඩර්නා එන්නත ලබාදීම කැලිෆෝනියා ප්‍රාන්තය අත්හිටුවයි

කොවිඩ්-19 මර්දන මොඩර්නා  එන්නත ලබාදීම අත්හිටුවීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. එන්නත ලබාගත් පුද්ගලයින් ආසාත්මිකතාවන්ට ලක්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව එරට බලධාරීන් පැවසීය. කැලිෆෝනියා හි රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ඇතුළු සෞඛ්‍ය අංශ විසින් විමර්ශන ආරම්භකර තිබේ.  

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ වෙයි

වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ වෙයි

කොවිඩ් වෛරසය හමුවේ වුවද රට තුළ අධිකරණ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ අරමුණ හා ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමේ ආරම්භයක් වශයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ඊයේ සිට සිදු විය. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමර වලදී මෙම කටයුතු ආරම්භ විය. මේ සදහා වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර…

අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්‍යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බව ද ඇය සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 708 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 708 දක්වා ඉහළට

නව කොවිඩ් ආසාදිතයන් අට දෙනකු 19වන දින සවස් වන විට වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 708 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරින් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එක් නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් දෙසිය හැත්ත එකක් (271) වාර්ථාවි ඇත්තේ…

ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිසුවියන් දෙදෙනකු දික්ඔය රෝහලට

ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිසුවියන් දෙදෙනකු දික්ඔය රෝහලට

හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිසුවියන් දෙදෙනකුට උණ රෝගය වැලදිමත් සමග ඇතිවු සැකයක් මත එම සිසුවියන් දෙදෙනා දික්ඔය මුලීක රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මෙම සිසුවියන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිට පසු ගිය 12 හා 15 යන දිනවලදි මෙම විදහල ආසන්නයේ…

විනය කඩකල පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් වෙයි

විනය කඩකල පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් වෙයි

හෙරොයින් ජාවාරමේ නිරතවු පොලිස් පරික්ෂකවරයෙකු හා ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ වහාම අත්අහිටුවීමට උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි‍ෙමහතාගේ අධික්ෂණයේ පැවති කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක කොරළේගෙදර මහතා හෙරොයින් ජාවාරමේ නිරතවිමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්විමෙන් පසුව ඔහුගේ සේවය වහාම අත්හිටුවිමට…

පදිකවේදිකාවේ රෙදි හොරා මාට්ටු

පදිකවේදිකාවේ රෙදි හොරා මාට්ටු

මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර පදිකවේදිකාවේ වෙළඳාම් කටයුතු සිදුකරන ජංගම වෙළඳ ව්‍යාපාරිකයින් විකිණීම සඳහා රැගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි  කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන බවට ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ  පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 150ක් සොයාගත්…

සංස්කෘතික දේශපාලනය අමතක කිරීම අපිට වරදින්න එක හේතුවක්

සංස්කෘතික දේශපාලනය අමතක කිරීම අපිට වරදින්න එක හේතුවක්

”අපි දීර්ඝ කාලයක් යුද්ධයක් එක්ක පැටලී සිටිය ජාතියක්. ඒ වගේම අපි ජාතිය මත පදනම්ව සියලු ප්‍රශ්න දිහා බලමින් ඉන්න ජාතියක්. මේ සියල්ල විසින් ප්‍රචණ්ඩ මනුස්සයෙක් නිර්මානය කරලා තිබෙනවා, ඒ මනුස්සයා සුවපත් කිරගන්නේ කොහොමද කියන එක ගැන අපි කවුරුවත් හිතන්නේ නෑ.ඒ ගැන සංවාදයකුත් නැහැ” සංජය ඈපා සෙනෙවිරත්න විඩියෝව

වනරාජ වතුයායෙන් කොවිඩ් ආසාදිත ළදරුවෙක්

වනරාජ වතුයායෙන් කොවිඩ් ආසාදිත ළදරුවෙක්

වනරාජ වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත ළදරුවා සමග මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 49 හදුනාගෙන  ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි. චන්ද්‍රරාජන් මහතා පවසයි. මෙසේ හමුව ඇති ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු ආශ්‍රිතව හමුව ඇති බවත් එයින්ද වැඩි පිරිසක් කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට පැමිනි පිරිස් බවද ඔහු…

තවත් සිසුන් හතර දෙනකුට හා ගුරුවරියකට කොවිඩ්

තවත් සිසුන් හතර දෙනකුට හා ගුරුවරියකට කොවිඩ්

හැටන් හයිලන්ඩ් විදුහලේ අධ්‍යාපනය හදාරන තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. පසු ගිය දිනක මෙම විදුහලේ 10 සී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත්…