ශ්‍රී ලංකාව මානව හිමිකම් රකිනවා – චීනය

ශ්‍රී ලංකාව මානව හිමිකම් රකිනවා – චීනය

රාජ්‍යයන්ට මැදිහත්වීමට හා දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් යොදා ගැනීම ගැන දැඩි විරෝධය පළකරන බව චීනය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට හා සමාජ සංවර්ධනයට කැපවී සිටින බව චීනය කියා සිටී. චීනයේ බෙයිජිං නුවර ඊයේ පැවති විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් මෙහෙයුම ගැන ප්‍රශ්න කෙරිණ. ඊට පිළිතුරු දෙමින් චීන…

ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහලට

ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහලට

කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට සිදුවූයේ පාකිස්තාන අගමැති වරයාගේ පැමිණීම හා ජාත්‍යන්තර බලපෑම නිසා බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි. තාක්ෂණික කමිටු, විද්‍යාඥ මත, භූගත ජල මට්ටම ආදිය මේ අවස්ථාවේදී බලපා නැතැයිද නැතැයි ද ඔහු පැවසීය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

දෛනික කොවිඩ් ආසාධිතයන් එක වරම ඉහලට

දෛනික කොවිඩ් ආසාධිතයන් එක වරම ඉහලට

ගත වූ පැය 24 තුල හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425ක් වේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,855ක් දක්වා ඉහළගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373කි.

කොවිඩ් ආසාදිතයෙකු නිසා නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ

කොවිඩ් ආසාදිතයෙකු නිසා නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ

කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර ගත් ගෙන තිබේ.

Ultimate Tag තරගයට එක්වූ ලාංකිකයා

Ultimate Tag තරගයට එක්වූ ලාංකිකයා

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි. වේගය මත පදනම් වූ “Ultimate Tag” නම් මෙම රියලැටි වැඩසටහනට ඕස්ට්‍රේලියාව අයදුම්කරුවන් 3000 කට ආසන්න පිරිසක් වූ අතර සිඩ්නි නගරයේ පැවති…

කොළඹ ජනතාවගෙන් ඉල්ලීමක්

කොළඹ ජනතාවගෙන් ඉල්ලීමක්

පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ මෙන්ම ඉන් පිටත ප්‍රදේශ වෙත ලබාදෙන පානීය ජලය තවදුරටත් අඩු පීඩනයක් යටතේ ලැබිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. නමුත් පවතින කාලගුණ තත්ත්වය යටතේ ජලය කප්පාදුවක් සිදුකිරීමට මේ මොහොතේ කිසිඳු අවධානයක් යොමුවී නොමැති බව එම මණ්ඩලය සදහන් කරයි. කලටුවාව ජලාශයේ ජල මට්ටම අඩි 30 කින් පහත…

ණයට දුම්වැටියක් ඉල්ලා නොදුන් නිසා පිහි පහර

ණයට දුම්වැටියක් ඉල්ලා නොදුන් නිසා පිහි පහර

දුම්වැටියක් ලබා නොදීමට උරණ වු පුද්ගලයෙක් තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබේ. තියුණු ආයුධයෙන් පහර දී ඇති පුද්ගලයා කරනවෑමියෙක් වන අතර, තුවාල ලැබු ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට ද අලාභහානි සිදුකර ඇතැයි තලවකැලේ පොලීසිය පැවසීය. අධික ලෙස බීමත්ව සිට ඇති කරනවෑමියා වෙළෙඳසැලට ගොස් ණයට දුම්වැටියක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. පසුව ව්‍යාපාරිකයා විසින් එය…