කුලියාපිටියේ  පැත්තක් වසයි

කුලියාපිටියේ පැත්තක් වසයි

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය. කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ වීරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප‍්‍රදේශ අදාළ සංචරණ සීමාවන්ට යටත් කරන ගම්මාන අතරට අයත් බවද වෛද්‍යවරයා පවසයි. ඉකුත් අවුරුදු සමයේ ජනතාවගේ හැසිරීම් හේතුවෙන් මෙසේ…

ගම්පහට කොරෝනා අවදානම වැඩි වෙයි

ගම්පහට කොරෝනා අවදානම වැඩි වෙයි

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. අවුරුදු උත්සව පවත්වා ඇති රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 9 දෙනකු සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනකු හමුව ඇති බවත් දිවුලපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට එක්වූ 44 දෙනකුද මහර කොට්ඨාසයේ කර්මාන්තශාලාවකින්…

යාපනයේ ගැටුමක්

යාපනයේ ගැටුමක්

යාපනය පේදුරුතුඩුව අල්වායි උතුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මිය ගොස් තවත් පස් දෙදෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. බහින්බස්වීම දුරදීග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව දෙපිරිසම තියුණු ආයුධවලින් පහරදීගෙන ඇති බවත් එහිදී පිහි ඇනුමකින් බරපතල තත්ත්වයේ සිටි අයකු රෝහල්ගත කිරීමේ පසුව මිය ගොස් ඇත.

ඇමෙරිකානු පොලිසිය කළු ජාතික තරුණියක් ඝාතනය කරයි

ඇමෙරිකානු පොලිසිය කළු ජාතික තරුණියක් ඝාතනය කරයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පිලිබදව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් ගත වන්නට පෙර තවත් කලු ජාතික තරුණියක් අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 16 හැවිරිදි මෙම කලු ජාතික තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කරගෙන සිටිනා අතරතුර අදාල පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා…

රත්තරං බැරල් සොයා වැඩ වරදී

රත්තරං බැරල් සොයා වැඩ වරදී

ත්‍රීකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි කෝවිලක් පිටුපස එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් වලදැමු බවට සැකකරනා රත්තරං බැරල් හයක් සොයමින් සිටියදි අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෙකු නිරෝධායනය වන බව ලිඛිතව දන්වමින් ආයතනය නොමග යැවීමට තැත්කිරීම සම්බන්ධයෙන් එම ආයතනය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ. උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රියදුරෙකු වශයෙන්…

‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම

‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම

‘අපේ අහ කොහේද ලිලී මල් ‘ අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා ‘කවි කියන්නේ අකුරු පේළි නෙවෙයි. කවි කියන්නේ කොළ උඩ වචන වීදුරුවක් ඉහිරිලා නිදහසේ ගලාගෙන ගියාම ඇඳෙන සිත්තම්වලට’. ෆේස්බුක් නම් නව මාධ්‍ය…

ෂලිත එරන්ද ඩාන්ස් ඇකඩමිය ඉදිරිපත් කරන අග්නි අප්‍රේල් 29 දා හවස 4ට මරදාන ටවර් හිඳී

ෂලිත එරන්ද ඩාන්ස් ඇකඩමිය ඉදිරිපත් කරන අග්නි අප්‍රේල් 29 දා හවස 4ට මරදාන ටවර් හිඳී

ලංකාවේ නර්තන ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වගේ දෙයක් වෙන්නේ. ඒ තමයි ‘අග්නි’ සාම්ප්‍රදායික පහතරට නර්තනය විතරක් මූලික කර ගත්ත ලංකාවේ තියෙන එකම පරිපූර්ණ නර්තන තරගාවලිය. එහෙම කියන්නේ හේතු කිහිපයක් නිසා. එක, මොකක් හරි නැටුමක් පුරුදු වෙලා ඇවිල්ලා නටලා තෑග්ගක් අරන් යන නර්තන තරගාවලියක් නෙමෙයි මේක. පළමුවෙනි වටය අවසානයේ දී කුසපත් ඇදීමකින් තෝරගත්ත නර්තන අංගය…

දිස්ත්‍රික්ක කිහිපයක ආසාදිතයින් වැඩිවෙයි – අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක කිහිපයක ආසාදිතයින් වැඩිවෙයි – අනතුරු ඇගවීම්

මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා විය. ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන් වලින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙක් බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ. පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු…

ඉන්දියාවේ ආදාහනාගාර පැය 24ම වැඩ

ඉන්දියාවේ ආදාහනාගාර පැය 24ම වැඩ

ඉන්දියාවේ නොනවත්වා සිදුවන කොවිඩ්-19 ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය හේතුවෙන් බොහෝ ආදාහනාගාරවල ලෝහ කොටස් පවා දියවී කැඩි ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම මෘතදේහ දහනය පැය 24 පුරාවටම අඛණ්ඩවම සිදුවන බවත් බොහෝ පිරිසක් තමන්ගේ ඥාතින්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනක් පෝළීම්වලට වී බලා සිටින බවද වාර්තා වෙයි. එක් ආදාහනාගාර කලමණාකාරුවෙකු විසින් මාධ්‍ය වෙත…

සිසුන් 88ක් නිරෝධායනයට

සිසුන් 88ක් නිරෝධායනයට

දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම හෙදිය හැටන් බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචි බවත් මෙම හෙදිය ඇයගේ සැමියා හා පුතුන් තිදෙදෙනා සමග අලුත් අවුරුදු සමයේ  ගාල්ල ප්‍රදේශයට ගොස්…