පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’
වර්තමානය හා සසඳන විට මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහරදීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. විශේෂයෙන් එතරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ. වර්තමානයට සාපේක්ෂව මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් ආදිය පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ඇති වී නොතිබීම, එසේ පහර කෑම් වලට ලක්වන්නවුන්…