වැරදුනු මංකොල්ලය

වැරදුනු මංකොල්ලය

බැංකු ඒ.ටී.එම් යන්ත්‍ර සදහා මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික සමාගමක ආරක්ෂක අංශ නිලධාරින්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර රුපියල් ලක්ෂ 120ක ටෙලර් යන්ත්‍ර සේප්පුවක් කොල්ලකෑමට උත්සහ කළ නාදුනණ කොල්ලකරුවන් දෙදෙනෙකු සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් (6දා)උදෑසන ආරක්ෂක අංශ නිලධාරියෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක නිලධාරියෙකු…

මෙන්න සභාපතිගේ පැටිකිරිය

මෙන්න සභාපතිගේ පැටිකිරිය

සමුපකාර නීති රීති හා අනපනත් නොදැන උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට නඩු දමනවා යැයි කියන අනුරාධපුර විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිවරයා රුපියල් ලක්ෂ ගණනක පාපිසි හොරකමක් නිසා මීගමුව අධිකරණයේ විභාගවන නඩුවක විත්තිකරුවෙකු බවත් වංචාකළ මුදල් ගෙවා විත්තිකාරත්වයෙන් නිදහස් වන ලෙස රඹෑව අනුරාධපුරවිවිධ සේවා සමූපාකාර සමිතියන්හි හිටපු සභාපති තිලක් මහේෂ් එදිරිවීර මහතා පැවසුවේය. රඹෑව විවිධ සේවා සමූපකාර…

ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක්

ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක්

හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිති කර ගෙන ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක් 05වන දින සිදු කරන ලදි. පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ බේදා දිම සෞඛ්‍ය උපදෙස් මත හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි  සිදු කල අතර දරු ප්‍රසුතිය සදහා ගැබිනි…

නුවරඑළිය ආසාදිතයන් 2129 දක්වා ඉහලට – පදික වෙළදාම් නතර වෙයි

නුවරඑළිය ආසාදිතයන් 2129 දක්වා ඉහලට – පදික වෙළදාම් නතර වෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05ක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, නුවරඑළිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, නුවරඑළිය මහ නගර…

ආයුර්වේද රෝහල් කෝවිඩ් මධ්‍යස්ථාන වෙයි

ආයුර්වේද රෝහල් කෝවිඩ් මධ්‍යස්ථාන වෙයි

නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වෙන පරිදි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් ආයුර්වේද කොමසාරිස්වරියට නියෝග කළාය. ඒ අනුව නැගෙනහිර පළාතේ ආයුර්වේද හදිසි ප්‍රතිකාර ඇඳන් 283 කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය. ඒ අනුව ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි මූලික ආයුර්වේද රෝහලේ ඇඳන් 50 ,නිලාවේලි ආයුර්වේද රෝහලේ ඇඳන් 48,මඩකලපුව…

පිළියන්දල කොරෝනා උඩුදුවයි

පිළියන්දල කොරෝනා උඩුදුවයි

දීනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 122 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මුල්ලේරියාව 55, පාදුක්ක 51ක්, වැල්ලම්පිටිය 33ක්, කැස්බෑව 26, බත්තරමුල්ල…

මැතිවරණ ක්‍රමය සංශෝධන‍යට තේරීම් කාරක සභාවක්
|

මැතිවරණ ක්‍රමය සංශෝධන‍යට තේරීම් කාරක සභාවක්

මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි. එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නි ආරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, එම්.යූ.එම්. අලි සබ්රි, ජීවන් තොන්ඩමාන්, අනුර කුමාර දිසානායක, කබීර්…

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ නඩු විභාග කිරීම කල් යයි

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ නඩු විභාග කිරීම කල් යයි

අද (06) සිට ලබන 14 වැනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ නඩු විභාග නොපැවැත්වීමට තීරණය කර ඇත නමුත් නීතිඥවරුන්ගේ ඉල්ලීම මත අත්‍යවශ්‍ය නඩු විභාග පමණක් පැවැත්වීමටත් තීරණය කර ඇති බව ද වාර්තා වේ. පවතින කොවිඩ් – 19 තත්ත්වය පිළිබදව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි